අපේ ඥාතීන්ට මොකද උනේ කියලවත් කියන්න – ජනපතිගේ වව්නියා සංචාරය අතරතුර උතුරේ කාන්තාවෝ විරෝධාවයක !

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා වව්නියාව ප්‍රදේශයේ සංචාරයක නිරත විය. අලුතෙන් ස්ථාපිත කළ වව්නියාව විශ්වවිද්‍යාලය විවෘත කිරීම සිදුවූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

මෙම සංචාරය අතරතුර උතුරේ කාන්තාවන් පිරිසක් විරෝධතාවයක නිරත වූ අතර ඔවුන් ජනාධිපතිවරයා හමුවීම සඳහා පා ගමනින් පැමිණියේය. මෙම පා ගමන සඳහා පොලීසියෙන් බාධා එල්ල වූ අතර ඔවුන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව නොලැබිණි.

එම කාන්තාවන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ උතුරු ප්‍රදේශයේ බොහෝ පවුල්වල ස්වාමිපුරුෂයන්, දරුවන්, සහෝදරයන් අතුරුදන් වී ඇති බවයි. ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව දැන ගැනීමේ අයිතිවාසිකමක් උතුරේ කාන්තාවන්ට තිබෙන බවත් තමන් සටන් කරන්නේ ඒ වෙනුවෙන් බවත් ඔවුන් පවසනවා.

වසර ගණනාවක් තිස්සේ මෙම ඉල්ලීම සිදු කරන නමුත් මෙතෙක් සිටි කිසිදු පාලකයෙක් තම ගැටලු පිළිබඳව සානුකම්පිතව බැලීමට හෝ ඉදිරිපත් නොවූ බව පෙන්වා දෙන උතුරු කාන්තාවන් පවසන්නේ තම ඥාතීන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීම හැර රජයෙන් වෙනත් සහනාධාර හෝ ප්‍රතිලාභ කිසිවක් ඉල්ලා නොසිටින බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...