‘රට කා දමන විෂකුරු සර්පයාගෙන් බේරීමට එක් වන්න’ හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයකගෙන් විද්වතුන්ට විවෘත ඇරයුමක්!

0
1187

සංවර්ධනය යැයි කියාගන්නා අධිවේගී මාර්ග, නෙලුම් කුලුණු, අතිරේක ගුවන් තොටුපලවල්, නැව් නොඑන වරායවල්, මිනිසුන් නොයන දැවැන්ත සම්මන්ත්‍රණ ශාලා ආදී මෙකී නොකී දෑ තනන්නේ ආර්ථිකය ශක්තිමත් වී ඉන් ඉපැයෙන ආදායමෙන්. අපි කළේ පහළ ආර්ථික ස්ථරය ශක්තිමත් නොකොට ගිනි පොලියට රට රටවලින් ණයට ගත් මුදලින් උපනූපන් පරපුර ද ණය කරුවන් කොට හිඟන රටක් බවට පත් කිරීමයි. අපි වැඩ කර ඇත්තේ සර්පයාගේ වලිගයෙන් අල්ලා ගෙන විෂකූරු දත් ඇති මුඛය අපේ පැත්තට හරවා ගෙනයි.

සර්පයා දැනට ද අප හපා කමින් සිටිනවා.

දැන් විෂට බෙහෙත් හොයන්න රටෙන් රටට හිඟමනේ යන්න වෙලා. හිඟමන් සල්ලියි අච්චු ගැසූ සල්ලියි ඉවර වූ කල වෙන්නේ සර්ප දෂ්ටයෙන් අප හා දරුවන්ට මියැදීමට සිදු වීමයි.මේ වෙමින් පවතින්නේ එයයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here