යල කන්නයේ වගා කළ කුඹුරුවලින්  90% කට ජලය මුදා හැර අවසන්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දැනුම් දෙන්නේ යල කන්නයේ වගා කළ කුඹුරුවලින්  90% කට පමණ අද දිනය වනවිට ජලය මුදා හැර අවසන් කර ඇති බවයි.

මහවැලි ජලාශවලින් භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය මේ වනවිට 18% ක් දක්වා පහළ ගොස් ඇති බවත්, කලා වැවෙන් පෝෂණය වන සියලු ගොවිබිම් වෙත ජලය මුදා හැරීම ලබන 10 වැනිදායින් අවසන් කරන බව ද මහවැලි අධිකාරිය පැවසීය.

අනුරාධපුර සහ තලාව ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලන තිසා වැව සහ තුරුවිල වැවට කලාවැවෙන් ජලය මුදා හැරීම ලබන 31, 01 සහ 02 යන දිනවල සිදු කිරීමට ද සැලසුම් කර ඇති අතර බාධාවකින් තොරව එම ප්‍රදේශවල පානීය ජලය ලබා දීමට හැකිවනු ඇති බවයි මහවැලි අධිකාරිය කියා සිටියේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC දායකත්වය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : මුදල් හා සැලසුම්...

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...