*
Friday, October 4, 2024
spot_img

Latest Posts

හෙට විනාඩි තුනේ බැරියරය පනින්න ලොකු ඉඩක්

මේ දිනවල බුඩාපේස්ට් හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම සිය හොඳම පෞද්ගලික දක්ෂතාවයට පිවිසෙමින් විනාඩි තුනේ කඩ ඉම පසු කරමින් විනාඩි දෙකයි දශම ගණනකට සිය දක්ෂතාවය රැගෙන එන්නට බොහෝ සෙයින් ඉඩ ඇත.ශ්‍රී ලංකාව හෙට පස්වරු 7.42 ට සිය මූලික තරගයට ඉදිරිපත් වන අතර එම තරගය නියෝජනය කරන කණ්ඩායම් අතරේ හොඳම පෞද්ගලික දක්ෂතාවය සළකා බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ,එම මූලික තරගයට සහභාගිවන කණ්ඩායම් අට අතරේ අටවන තැනටය.විනාඩි 3:01.56 ක් වන එම දක්ෂතාවය ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම කාලීන දක්ෂතාවයද වන අතර හොඳම කාලීන දක්ෂතාවයන් පිළිබඳ සැළකිල්ල යොමු කරද්දී ශ්‍රී ලංකාව එම කණ්ඩායම අට අතරේ පසුවන්නේ පළමු තැනය.

මේ නිසා කාලීන දක්ෂතාවය කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අන් රටවල්වලින් එල්ලවන අභියෝගය හමුවේ හොඳම කාලයට පිවිසෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබෙන අතර එය බොහෝ විට විනාඩි 3 ට අඩු කාලයක් වීමට ද ඇති ඉඩ විශාලය.තරගකාරීත්වය හමුවේ කාලයේ එවැනි වාර්ධනයක් වුවහොත් ශ්‍රී ලංකාවට අවසාන තරගය නියෝජනය කරන මේ මොහොතේ ලවෙ සිටින හොඳම මීටර් 400 කණ්ඩායමක් වීමට ඇති ඉඩ සුවිශාලය.

එහ ගෞරවය එම ක්‍රීඩකයින්ට මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවන්ට සියයට 95 ට වඩා හිමි විය යුතු බව ද සිහිපත් කරනු කැමත්තෙමු. කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, රජිත රාජකරුණා, පබසර නිකූ, පසිඳු කොඩිකාර, දිනුක දේශාන් හෙට හොඳම ක්‍රීඩකයින් සිව්දෙනා මේ දිනව කරන ලද පුහුණු සැසි සැළකිල්ලට ගෙන හෙට ධාවනයේ යොදවනු ඇත.නමුත් බොහෝ විට දැනට ශ්‍රී ලංකා කණ්ඩායම හිමි ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය ජය ගැනීමට දායක කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, රජිත රාජකරුණා, පබසර නිකූ යන සිව්දෙනාම ධාවනයේ යොදවන්නට තියෙන ඉඩ ද විශාලය.
ඡායාරූපයේ දැක්වෙන්නේ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය ජයගත් මීටර් 400 සහය ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව හිමි කණ්ඩායමය.

සටහන – නිශ්මං රණසිංහ


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan