කළුනික වූ විශේෂඥ වෛද්‍යවරුන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මේ වනවිට වෛද්‍යවරුන් 800කට වැඩි පිරිසක් විදෙස් පුහුණුව ලබමින් සිටින අතර ,වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් වෛද්‍යවරුන් පිරිසක් ඉදිරි මාසවල දී විශේෂඥ පුහුණුව සඳහා විදෙස්ගත වීමට සුදානමින් පසුවන බව පැවසේ.

ඒ අනුව විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ වෛද්‍යවරුන් 785 දෙනෙකු පමණ ඉදිරි මාසවල දී විදෙස්ගත වන බව වාර්තා වී ඇති අතර කෙසේ වෙතත් දැනට විදෙස් පුහුණුව ලබන වෛද්‍යවරුන් රට තුළ පවතින තත්ත්වය හමුවේ යළි ‍දිවයිනට පැමිණීම ගැටලු සහගත වී ඇති බවද පැවසේ.

වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් තවදුරටත් රට තුළ රඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන් සමඟ ද පසුගිය දා සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.

කෙසේ වෙතත් පුහුණුව සඳහා විදෙස්ගත වන වෛද්‍යවරුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍යට කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සම්පත් මනම්පේරීට අධිකරණයෙන් ලැබුණ නියෝගය!

කොළඹ LNW: අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි දින හතක...

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...