බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ භාණ්ඩ 2000ක් අතුරුදන්

Date:

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ භාණ්ඩ 2000ක් පමණ අතුරුදන්ව ඇති බවත් ඒවා සොයා ගැනීම ආරම්භ කර ඇති බවත් එහි සභාපති ජෝර්ජ් ඔස්බෝන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙලෙස අතුරුදන්ව ඇත්තේ ක්‍රි.පූ. 15 වැනි සියවසේ සිට ක්‍රි.ව. 19 වැනි සියවස දක්වා දිවෙන ඒවා මූලික වශයෙන් අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සඳහා තබා ඇති ආයිත්තමයන්ය.

1753 දී ආරම්භ කරන ලද බ්‍රිතාන්‍ය කෞතුකාගාරය එක්සත් රාජධානියේ වඩාත්ම කීර්තිමත් සංස්කෘතික ආයතනයක් වන අතර මෙහි සංස්කෘතික ආයිත්තමයන් මිලියන අටක පමණ එකතුවක් පවති. ඉන් 80,000ක් මහජන ප්‍රදර්ශනයට තබා ඇති අතර අනෙක්වා ගබඩා කර තිබේ.

සියලුම අයිතමයන් නිසි ලෙස ලැයිස්තුගත කර ලියාපදිංචි කර නොමැති හෙයින් භාණ්ඩ අතුරුදන්වීම තහවුරු වීමට සැලකිය යුතු තරම් කාලයක් ගත වී තිබිණි. මේ සම්බන්ධයෙන් සභාපති ජෝර්ජ් ඔස්බෝන් ප්‍රකාශ කර තිබුණේ, අතුරුදහන් වූ දේ නිශ්චිතවම තහවුරු කිරීම සඳහා අධිකරණ වෛද්‍ය සහයද ලැබෙනු ඇති බවයි. සභාපතිවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, කෞතුකාගාරයේ ආරක්ෂාව වැඩි දියුණු කළ යුතු බවයි.

අතුරුදන් වූ භාණ්ඩ සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිසියේ රහස් පරීක්ෂකයින් විසින් පුද්ගලයෙකුගෙන් සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇතිමුත් මේවන තෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...