*
Friday, October 4, 2024
spot_img

Latest Posts

ඉන්දියානු නායකයන් සහ අපේ දේශපාලන මීමින්නන්

පහුගිය 23 වෙනිදා කියන්නේ මානව ඉතිහාසයේ තවත් දැවැන්ත පියවරක් තියපු දවසක්.පෘථිවි වාසින් සඳේ දකුණු කලාපයේ ගවේෂණ කටයුතු ආරම්භ කළා.ඒ වෙනුවෙන්ම චන්ද්‍රයාන් – 03 යානය හදේ දකුණු කලාපයට ගොඩ බැස්සුවා.මේ ජයග්‍රහණයේ අයිතිය ලියවෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවේ නම ඉදිරියෙන්.දැන් ලෝකයේ සඳ ජයගත් හතර වෙනි ජාතිය බවට ඉන්දියාව පත්වෙලා.මිට කලින් ඒ ජයග්‍රහණය හිමිකරගෙන තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය,සෝවියට් දේශය සහ චීනය කියන ලෝක බලවතුන් තුන්දෙනාට විතරයි.අගොස්තු 23 වෙනිදා ඒ වික්‍රමයම පාන්න ඉන්දියානුවත් සමත් වුනා.

ඒ එක්කම ලෝකයේ ආර්ථික,දේශපාලන සහ යුධ බලය වෙනුවෙන් ඉන්දියාව දෙමින් ඉන්න තරඟය තවත් පිම්මක් පනිමින් අජටාකාශ ගවේශණයේ තරඟකරුවෙක් බවටත් ඉන්දියාව පත්වෙලා.ඉස්සෙල්ලාම ඒ වෙනුවෙන් ඉන්දියාවට රටේ රාළ බළකායේ උණුසුම් සුභපැතුම් පිරිනමනවා.අපේ රටේ අයට නං රොකට් කිනකොට මතක් වෙන්නේ රෝකට් චිචීව.මේ ජයග්‍රහණය ඉන්දියාවේ නම ඉදිරියෙන් සටහන් උනාට මේ ජයග්‍රහණය සමස්ථ ලෝකවාසීන්ටම අයිති ජයග්‍රහණයක්. මොකද විද්‍යාවේ ජයග්‍රහණ කියන්නේ සමස්ථ මානව සංහතියේ ඓතිහාසික කැපකිරීමක ප්‍රතිඵලයක්,වසර දහස් ගාණක අද්දැකිම් මතින් ගොඩනැගූ දැනුමේ ප්‍රතිඵලයක්.

විශ්වය සම්බන්ධ කුතුහලය වසර දහස් ගාණක පටන් මිනිසා තුල තිබුන දෙයක්. අභයාවකාශ ගවේෂණය සමිබන්ධව මානවයාගේ හිත යොමුවෙන්නේ මීට අවුරුදු දහස් ගණනකට උඩදී.මහ පොලොවේ ඉඳන් අහස දිහා බාලා සිටිමින් එකතු කරපු දැනුම අවුරුදු දහස් ගණනක ඈතට දිවයනවා.ග්‍රහ ලෝක සහ තරු පන්තිවල පිහිටීම ගැන එකතු කරගත් දැනුම කාලය විසින් වර්ධනය කරගෙන ආපු මේනිසා අද අභයාවකාශ ගවේෂණයේ මහා පිම්මක් පැනලා.ඒත් මේ ඉන්දියානු ජයග්‍රහණය දිහා කුහක විදිහට බලන ලිං මැඩියෝ තවමත් ඉන්නවා.

කෝටි ගණනක් වෙන ඉන්දියානු ජනතාවගේ මූලික අවශ්‍යතාවත් සම්පුර්ණ කරගන්න බැරි ඉන්දියාවට මොන චන්ද්‍ර ගවේෂණද කියලා අහන ලිං මැඩියන් ඉන්නවා.හැබැයි ඒ ලිං මැඩියෝ ඔක්කොම ඉන්නේ ඉන්දියාවේ නෙවෙයි වැඩවසම් ශ්‍රී ලංකාවේ.චන්ද්‍රයාන් – 03 යානය සඳ මතට ගොඩ බැස්ස ගමන් ඉන්දියානුවන්ට දැනුන සතුට අපි අන්තර්ජාලය හරහා දැක්කා.මහ පාරේ සිගමන් යදින ඉන්දියානු යාචකයාගේ පටන් ඉන්දීය අගමැති මෝදි ඒ සතුටෙන් ඉපිලී යන හැටි අපි දැක්කා.

තවමත් හිඟන්නන් ඉන්න ඉන්දියාවට මොන චන්ද්‍ර ගවේෂණය කියලා අහන අයට,තවමත් හරියට වැසිකිලි පහසුකම් නැති ඉන්දියාවට මොන චන්ද්‍ර ගවේෂණද කියලා අහන ගොබ්බ සේනලාට මතක් කරලා දෙන්න දෙයක් රටේ රාළට තියනවා.අපේ රටේ ඡනතාව අන්ත අසරණ තත්වයට වැටිලා,බංකොලොත් වෙලා ලෝකයෙන් සිඟමන් යදින වෙලාවේ ඉන්දියානු යාචකයෝ පවා අපිට සිගමන් දුන්න බව අමතක කරන්න එපා.තමන්ගේ අසල් වැසියාට යන එන මං නැතිවුන වෙලාවේ හදවත කම්පා උන ඉන්දියානුවාට තමන්ගේ රටේ ධජය සඳ මත ලෙලදෙනවා දකිනකොට මොනතරම් අභිමානයක් දැනෙන්න ඇද්ද?

ඒක නිසා කිසිම රටක ජාතික අභිමානය හෑල්ලු කරන්න කිසි කෙනෙකුට අයිතියක් නෑ. අපිටත් ඉන්දියාවත් එක්ක ප්‍රශ්න තියනවා. ඉන්දියානු ව්‍යාප්තවාදයට අපි එකඟ නෑ.ඒත් ඉන්දියාව නමින් මානව සංහතියට ජයග්‍රහණ එකතු වෙනකොට අපට නම් තියෙන්නේ ආඩම්බරයක්.ඒ ලෝකය දවසක විශ්වීය ගම්මානයක් වෙන බව අපි දන්න හින්දයි.ඒක බලන්න අපි වාසනාවන්ත නැති උනත් මේ හැම දියුණුවකින්ම පදනම වැටෙන්නේ එතනට.එදාට අපි නොහිටියත් අද මෙතන ඉඳන් අනාගත සමාජය සමාජ විද්‍යාත්මක දකින්න අපට පූළුවන්.

අද මෙතන හිටියත් අනාගත ලෝකයට ගිහින් විශ්වීය මිනිසා එක්ක ජීවත් වෙන්න අපට පුළුවන්.අපට නැති අවස්ථාවක අනාගත මානවයා අත්පත් කරගන්නා බව පියවි ඇසින් දකින්න බැරි වුනත් අපට ඒක මනසින් දකින්න පුළුවන්.ඒක නිසා සඳ ජය ගැනීම ඉන්දියාවේ ජයග්‍රහණයකටත් වාඩා මානව ශිෂ්ඨාචාරයේ ජයග්‍රහණයක් විදිහට දකින්න අපට පුළුවන්. ඇත්තටම ඒක එහෙම දකින්න ඉන්දියානු නායකයන්ටත් පුළුවන් විම ගැනත් අපි සතුටු වෙනවා.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පවා මේ ජයග්‍රහණය ඉන්දියාවට පටු කරන්න හිතුවේ නෑ,මේ ජයග්‍රහණයත් එක්ක මෝදි ඇමතුවේ ඉන්දියානුවා විතරක් නෙවෙයි.මෝදි සමස්ථ ලෝකයමට කතා කළා.මෝදි කිව්වේ මේ ජයග්‍රහණය ඉන්දියාවට විතරක් අයිති ජයග්‍රහණයක් නෙවෙයි ඒක සමස්ථ ලෝකයටම අයිතියි ජයග්‍රහණයක් කියලයි. ඉන්දියාව කටයුතු කරන්නේ ඒ අරමුණෙන් කියලයි.මෝදි කියන්නේ ලෝකයේ මානව සංවර්ධනය වෙනුවෙන් මේ තාක්ෂණික දැනුම සහ ජයග්‍රහණ පාවිචිචි කරමු කියලයි.

ඇත්තටම මෝදිගේ ඒ ප්‍රකාශය අඟය කරන්න අපි නං කුහක වෙන්නේ නෑ.මොකද ඉන්දියාවේ තිබුණ සහ තවමත් තියන අතිශය දුෂ්කර ආර්ථිකය,අතිශය දුෂ්කර ජන ජීවිතය සිල්ලම තියාගෙන මේසා විශාල තාක්ෂණික ජයග්‍රහණයක් අත්පත් කරගැනීම හාස්කමක්. ඇත්තටම ඉන්දියාව ඇතුලේ දැන් විශ්වීය මිනිසෙකුගේ කළල අවස්ථාව නිර්මාණය වෙමින් තියනවා.ඉන්දියාව කියන්නේ තාක්ෂණිකව තමන්ගේ සියලු දත්ත පද්ධති පවත්වාගෙන යන රටක්.

ඉන්දියාව අද ලෝකය ගැන කල්පනා කරන්නේ ඉන්දියානු මිනිසා ලෝකයට නායකත්වයට දෙන්න ඕනි කියන අදහසින්.බුදුන් කියන්නේ ඉන්දියාව ලෝකයට දායාද කරපු විශ්වීය මිනිසෙක්.ඉන්දියාව බුදුන්ව සළකන්නේ ජේෂ්ඨ ඉන්දියානු පුත්‍රයෙක් විදිහට.බුදු දහම ලෝකයේ ව්‍යාප්ත වෙන තරමට ඉන්දියානු පෞරුෂය ලෝකය තුල වර්ධනයට වෙනවා.අපේ ගල්කනු බෞද්ධයෝ පරණ ගල්කණුවලට ගහ මාරා ගනිද්දී ලෝකය වේගයෙන් ඉස්සරහට යනවා.

අද ඉන්දියාව ඇතුලේ බුද්ධාගම ලොකුවට නැතිවුනත් ඉන්දියාව කිසිවිටක බුදුන්ගේ ඉන්දියානු සම්භවයට නිගා කරලා නෑ. ඇත්තටම ඉන්දියාවට ඕනි ලෝකය ජය ගන්න ඉන්දියානුවෝ මිසක් මේ රටේ ඉන්න ලිං මැඩියෝ ජාතියේ ජනගහනයක් නෙවෙයි.අද ඉන්දියාව හැම ක්ෂේත්‍රයකම ලෝක මට්ටමේ ඉන්දියානුවන් බිහි කරලා තියනවා.එතෙන්ට ගැලපෙන විදිහට සියල්ල පෙල ගස්සලා තියනවා.එක පැත්තකින් පංචයාති රාජ් යටතේ රටේ ජනතාව කෙලින්ම රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගෙන තියනවා.

අනිත් පැත්තෙන් ඉන්දියානු යාචකයාගේ පටන් ඉන්දියානු ධනකුවේරයා දක්වාම Mother India සංකල්පය ගොඩනගලා ඉවරයි.ඉන්දියාවේ තියෙන්නේ ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනයක්.ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඉන්දියාව තමන්ගේ ආර්ථික ඉලක්කය සැලසුම් කරනවා.ඊට පස්සේ ශිල්පීය අධ්‍යාපන ක්‍රමය හරහා ඒකට අවශ්‍ය මානව සම්පත ගොඩනගනවා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ ඉන්දියාව හිතනවා අපි 2030 වෙනකොට මත්ස්‍ය ටොන් මිලියන 100 ක් ලෝකයට අපනයනය කරනවා කියලා.

ඒ වෙනුවෙන් මාළු දැලේ පටන් මහා පරිමාණ ධීවර යාත්‍රාව දක්වා සියලු මෙවලම් නිර්මාණය කරන්න අවශ්‍ය සියලුම ශිල්පීන් ඉන්දියාව තුලම නිර්මාණය කරනවා.ඒ ශිල්පීන් ගොඩනැගීම වෙනුවෙන් ඉන්දීය අධ්‍යාපනය සකස් කරලා තියනවා.සමහරවිට ඔයාලා දන්නේ නැතිව ඇති අපේ රටේ ජනගහය වගේ දෙගුණයක් ඉන්දියානුවන් ඉන්දියාවෙන් බැහර ලෝකයේ ජීවත් වෙනවා.ඒ කියන්නේ ඉන්දීය ජනගහනයෙන් කෝටි හතරක් දැනටමත් ලෝකයට මුදා හැරලා ඉවරයි. ඇමරිකාව, යුරෝපය,ඕස්ට්‍රේලියාව වගේ රටවල ඒ ජනගහනය ව්‍යාප්ත වෙලා.

අමතක කරන්න එපා ඇමරිකාවේ උප ජනාධිපතිත් ඉන්දියන් සම්භවයක් තියන කෙනෙක්.ඒ වගේම පෙන්ටගනයේ ඉහලම වගකීම් ගනනාවක් දරනේ ඉන්දියානු සම්බවයක් සහිත මිනිස්සු.බ්‍රිතාන්‍යයේ අගමැතිත් ඉන්දියානු සම්බවයක් තියන කෙනෙක්.ඉන්දියාව ලෝකය තුල තහවුරු වෙන්නේ එහෙමයි.නිකං හිතන්නකෝ ඉන්දියානු නායකයන් ඉන්දියාව ගොඩනගන්න කරන කැපකිරීම.එයාලට සාපේක්ෂව හිතද්දී අපේ රටේ නායකයෝ මොන මීමින්නෝද?

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan