නියඟය ජනතාව අසරණ කරලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ග වලට අනුව අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවෙහි ජනතාව විවිධ ආර්ථික ප්‍රශ්න වලට  විසඳුම් සෙවීමට , රුපියල් කෝටි ගණනකට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇති බවයි .

ආර්ථික ගැටලූ හේතුවෙන් ඇතැමුන් දේපළ විකුණා දමමින් සිටින බවත් , අධික නියගය තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහළොවේ ලක්ෂ 2කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටින බවත් වාර්තා වේ.

සිදුවී ඇති වගා හානිය අක්කර 60,000 ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය  පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා  පවසන්නේ , ආර්ථික ගැටලු හේතුවෙන් රටපුරා ජනතාව රුපියල් කෝටි 68,729 කට වැඩි වටිනා ස්වර්ණාභරණ පසුගිය වසරේදී බැංකුවලට සහ උකස් මධ්‍යස්ථානවල උකසට තබා ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...