දඹාන අදි වාසීන්ගේ මීපැණි පූජාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී….

නදීක දයා බණ්ඩාර – මහනුවර

දඹාන ආදීවාසීන් විසින් ශ්‍රී දන්තධාතූන් වහන්සේ වෙත වාර්ෂිකව සිදුකරන මී පැණි පූජාව අද (26) ශ්‍රී දළදා මාලිගාවේදී සිදුවිය.
සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන දිනයේදී මෙම මී පැණි පූජාව සිදුකෙරේ.


ආදිවාසීන් විසින් වනයෙන් නෙළා ගන්නා මීපැණිවල හොදම නොඉදුල් කොටස ඔවුන් සෑම වර්ෂයකදීම දන්තධාතූන් වහන්සේ වෙත පූජා කරති. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඇතුලු ඇතුලු හැට පහක පමණ ආදිවාසීන් පිරිසක් මෙම පූජාව සඳහා සහභාගී විය.

ඇසළ පෙරහැර මංගල්‍ය යනු තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදුකරන උතුම් පූජා මංගල්‍යයක් වන බැවින් පරිසරය ආරක්ෂා කර ගමිනින් එම පූජා සත්තාරය කිරීම වඩා සුදුසු යැයි ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පැවසීය. කුමන අභීයෝග පැවැතියත් මෙම පූජාව අඛණ්ඩව සිදුකරන බවත් පරම්පරා ගණනාවක් තිස්සේ මෙම පූජාව පැවැති බව ද ආදිවාසී නායකවරයා කීවේය.
මී පැණි පූජාවෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ආදිවාසී ප්‍රජාව සඳහා ත්‍යාග පිරිනැමීමක් ද සිදුකළේය.
මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජීව ප්‍රසාද් වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...