තවත් ජීවිතයක් අහිමි වෙයි ප්‍රතිජීවක ඖෂධයක් නිසාදැයි සැකයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුර රෝගියෙකු ඊයේ (26) මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පරීක්ෂණ නිමවනතුරු එම ඖෂධය භාවිතය අත්හිටවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මිය ගොස් ඇති රෝගීයා කැපුම් තුවාල සහිතව වරකාපොළ රෝහලෙන් ජාතික රෝහලට මාරුකර යැවුණු අයෙක් වන අතර ප්‍රතිජීවක ඖෂධයෙන් 50%ක් ලබාදෙන අතුරතුර ඔහු මියගොස් තිබුණු අතර , මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසුවේ ඔහුව රෝහලට රැගෙන ආවේ කැපුම් තුවාලයක් හේතුවෙන් බවත් ඔහුට වෙනත් කිසිදු රෝගයක් නොතිබුණ බවද වාර්තා වේ.

මිය ගිය පුද්ගලයාගේ පුත්‍රයා,

“අතේ තුවාලයක් තිබිලා ඉස්පිරිතාලේට එක්කරගෙන ආවේ. 1ටත් කෝල් කරා අමාරුවක් නෑ කියලා.  ඔප්රේෂන් කරාට පස්සේ තමයි තාත්තා නැති වුණේ. වෙන ලෙඩ මුකුත් නෑ. අම්මා රට. මමයි මල්ලී නංගිලා දෙන්නයි තාත්තා තමයි මෙච්චර කාලයක් අපිව බලා ගත්තේ.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා, 

“මෙම මරණය බොහෝ විට ඖෂධ ආසාත්මිකතාවයක් නිසා මිය ගිය බවට කරුණු තියෙනවා. මේ වන විට මේ ඖෂධ කාණ්ඩයේ ඖෂධ දිවයින පුරාම තියෙන රෝහල්වල රෝගීන්ට ලබා දීම නතර කරලා තියෙනවා.” ලෙස පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...