තවත් ජීවිතයක් අහිමි වෙයි ප්‍රතිජීවක ඖෂධයක් නිසාදැයි සැකයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුර රෝගියෙකු ඊයේ (26) මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පරීක්ෂණ නිමවනතුරු එම ඖෂධය භාවිතය අත්හිටවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මිය ගොස් ඇති රෝගීයා කැපුම් තුවාල සහිතව වරකාපොළ රෝහලෙන් ජාතික රෝහලට මාරුකර යැවුණු අයෙක් වන අතර ප්‍රතිජීවක ඖෂධයෙන් 50%ක් ලබාදෙන අතුරතුර ඔහු මියගොස් තිබුණු අතර , මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසුවේ ඔහුව රෝහලට රැගෙන ආවේ කැපුම් තුවාලයක් හේතුවෙන් බවත් ඔහුට වෙනත් කිසිදු රෝගයක් නොතිබුණ බවද වාර්තා වේ.

මිය ගිය පුද්ගලයාගේ පුත්‍රයා,

“අතේ තුවාලයක් තිබිලා ඉස්පිරිතාලේට එක්කරගෙන ආවේ. 1ටත් කෝල් කරා අමාරුවක් නෑ කියලා.  ඔප්රේෂන් කරාට පස්සේ තමයි තාත්තා නැති වුණේ. වෙන ලෙඩ මුකුත් නෑ. අම්මා රට. මමයි මල්ලී නංගිලා දෙන්නයි තාත්තා තමයි මෙච්චර කාලයක් අපිව බලා ගත්තේ.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා, 

“මෙම මරණය බොහෝ විට ඖෂධ ආසාත්මිකතාවයක් නිසා මිය ගිය බවට කරුණු තියෙනවා. මේ වන විට මේ ඖෂධ කාණ්ඩයේ ඖෂධ දිවයින පුරාම තියෙන රෝහල්වල රෝගීන්ට ලබා දීම නතර කරලා තියෙනවා.” ලෙස පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...