වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ක්‍රියාකාරීන්ගේ විරෝධතාවක්!

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන සඳහා ගෙවන පොලි ප්‍රතිශත පහළ හෙලීමට එරෙහිව හා අසාධාරණ බදු පැනවීම් වලට එරෙහිව යන තේමාවන් ඇතුලුව සහ තවත් සටන් පාඨ ගණනාවක් මුල් කර ගනිමින් ඒවාට වහා විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් ඒකාබද්ධ විරෝධතා උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (අගෝස්තු 28 වැනිදා) දහවල් කොළඹ කොටුවේදී වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන, සිවිල් දේශපාලන ක්‍රියාකාරීන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි විශාල පිරිසක් එක්ව පැවැත්වූහ.

මෙහිදී ප්‍රධාන තේමාවක් වූයේ “EPF/ETF මංකොල්ලය නවතනු! යන්නයි.

කෙසේ වෙතත් පැයක පමණ කාලයක් උද්ඝොෂණයේ නිරත වූ උද්ඝෝෂණයික් පා ගමනින් කොටුව දෙසට යාමට සූදානම් වීමේදී පොලීසිය සහ උද්ඝෝෂණයික් අතර උනුසුම් කාරී තත්වයක්ද ඇති විය. අනතුරුව පා ගමන එම ඉස්තානයේදීම පොලීසිය මැදිහත් වීමෙන් නවත්වා දැමුණි.

උද්ඝෝෂණය පැවැති කොටුව දුම්රිය ස්ථානය අසල පොලිසිය, පොලිස් කැරලි මර්දන ඒකකය, මෙන්ම යුද හමුදාවද යොදවා තිබුණි.එම ස්ථානයේ ජල ප්‍රහාරක රතයක්ද නවතා තිබෙනු දක්නට ලැබුණි .

මෙම විරෝධතාව සඳහා වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ නියෝජිතයින් 24 දෙනෙකුට අද පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබුණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/595/Activists-demand-immediate-action-against-EPF-ETF-robbery

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...