එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නව නියෝජිතයා සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෙ ෆ්‍රැන්ච් මහතා (Mr. Marc-André Franche) සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (30) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෙ ෆ්‍රැන්ච් මහතා මෙරට වැඩ බාර ගැනීමෙන් අනතුරුවය.

එහි දී මෙරට සමාජ ආර්ථික දේශපාලන කරුණ රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හා කරුණු රැසක් හුවමාරු කර ගැනීම සිදු විය. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙරට පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව නිත්‍ය නේවාසික නියෝජිතවරයා දැනුවත් කර ඇත. එසේ ම වත්මන් රජය විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය කරමින් මැතිවරණ කල් දැමීමත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමත් සම්බන්ධයෙන් වැඩිදුරටත් දැනුවත් කර තිබේ.

මේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරමින් අසාම් බාකීර් මාකර් (Development Coordination Officer) සහ තාරක හෙට්ටිආරච්චි (Peace Window Coordinator) ඇතුළු පිරිසක් එක් විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...