ආසියාව ජයගැනීමේ පළමු පියවරේදී ජය සළකුණක්

Date:

ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගය බංගලාදේශයට එරෙහිව කඩුලු පහක පහසු ජයක් සමඟ අරඹන්නට ශ්‍රී ලංකාවට ඊයේ හැකි විය.තරගයේ කාසියේ වාසිය ලද බංගලාදේශ නායක ශකීබ් අල් හසන් පල්ලෙකැලේ තණතීරුවේන් උපරිම පල නෙලා ගැනීමේ අපේක්ෂාවෙන් පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කළත්,පන්දු යැවීමේ ආරම්භය සටහන් කළ ශ්‍රී ලංකාවේ වේග – දඟ සුසංයෝගය ඉදිරියේ ඔවුන්ට සිය රිද්මය කළමණාකරනය කිරීම අසීරු කරුණක් විය.


තරගය පුරාම පිතිකරුවන්ට ලකුණු ලැබීම අසීරු කරුණක් කළ මහේෂ් තීක්ෂණ බංගලාදේශ පිතිකරුවන්ගේ පිති බැඳ දැමීමට මුලීකත්වය ගත් ක්‍රීඩකයා විය.තරගයේ දෙවන ඕවරයේම තන්ෂීඩ් හසන් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට කටයුතු කළ තීක්ෂණ බංගලාදේශ කණ්ඩායම 43 වන ඕවරයේ දී සියල්ල දැවී යන විට පන්දු ඕවර් 8 ක් යවා ලකුණු 19 ක් පමණක් ලබා දී කඩුලු 2 ක් දවා ගෙන සිටියේය.


එම පීඩනයේ ඉහළම පල නෙලාගත් පන්දු යවන්නා බවට පත් වූයේ මතීශ පතිරණ ය.ඔහු ලකුණු 32 ක් පමණක් දී සිය කඩුලු පැස කඩුලු හතරකින් පුරවා ගත්තේ බංගලාදේශ පරාජයේ නියමුවා වෙමින් තරගයේ වීරයා වන්නට අවශ්‍යය සුදුසුකම් සපුරා ගනිමින්ය.


බංගලාදේශ පිතිකරුවන්ට පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන් ද හුස්මක් ගන්නට ඉඩ නොතබමින් ක්‍රියා කළ අතර 43 වන ඕවරයේ දී ලකුණු 164 ක් වූ ලකුණු පූවරුව ඉන් ඔබ්බට රැඟෙන යාමට නොහැකිව ලකුණු 164 දී නතර විය.හුදෙකලාව පන්දු පිටියෙන් එල්ලවන පීඩනය දරාගෙන වේගයද ආරක්ෂාවද සම්මිශ්‍ර සුපිරි ඉණිමක් දියත් කළ නජ්මුල් හොසේන් සන්ටෝ පන්දු 122 දී ලකුණු 89 ක් රැස් නොකරන්නට බංගලාදේශ ඉණිමට ලකුණු 100 ක් එකතු වීම ද දුෂ්කර මුහුණුවරක් ගත්තේය.සන්ටෝ ද සමඟ ඉලක්කම් දෙකේ අගයන් සහිත ලකුණු ලබා ගන්නට බංගලාදේශ ක්‍රීඩකයින් හතරක් පමණක් සමත් වූ අතර අන් හත් දෙනාගේම නම ඉදිරියේ ලකුණු ලෙස සටහන් වූයේ බින්දු හෝ එක ඉලක්කමකි.


පිළිතුරු ඉණිම ශ්‍රී ලංකාවට අපහසු කරමින් දිමුත් කරුණාරත්නව මුළු ලකුණු ප්‍රමාණය 13 ක් ව තිබියදී ඉවත් කරන්නට ටෂ්කින් අහමඩ් සමත් විය.තරගයේ 10 වන ඕවරයේ දී කුසල් මෙණ්ඩිස් ශකීබ් ඉදිරියේ ලකුනු 5 ට දැවී යන විට ලකුණු 43 ක් සමඟ කඩුලු 3 ක් වූ ශ්‍රී ලංකා ලකුණු පූවරුවේ අසරණ හැඩය යථා තත්ත්වයට පත් කිරීමේ සංග්‍රාමය ඇරඹුණේ සිව්වන කඩුල්ල මුල් කරගෙනය.ඒ සදීර සමරවික්‍රම (54) සහ චරිත් අසලංක (නොදැවී 62) සිව්වන කඩුල්ල ගොඩ නැඟූ ලකුණු 78 ක සබඳතාවය හරහා ය.සදීර ලකුණු පූවරුව 121 දී තිබයදී දැවී යාමෙන් පසුව නැවත තරගයට අවතීරණ වෙමින් ලකුණු පූවරුව 128 ක් වෙද්දී ධනංජය ද සිල්වා ද ගොදුරු කර ගන්නට ශකීබ් සමත් විය.එහෙත් චරිත් අසලංක නොසෙල් වී තිර අදිටනින් පහර එල්ල කරමින් හය වන කඩුල්ල වැටෙන්නට පෙර ජයග්‍රහණය භුක්ති විඳින්නට නායක දසුන් ශානක සමඟ එක්ව පියවර ගත්තේය.


සුළු ලකුණු ප්‍රමාණයත් රැක ගැනීම වෙනුවෙන් සටන්කාමී පන්දු යැවීමක නියැලි ශකීබ් අල් හසන් සිය පන්දු වාර 10 ලකුණු 29 ට සීමා කරමින් කඩුලු දෙකක් දවා ගනිමින් පෑ දස්කම,තරගය පරාජය වුව ද,ජයග්‍රාහී සලකුණකි.


තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන්න පහත සබැඳිය භාවිතා කරන්න.
https://www.espncricinfo.com/series/asia-cup-2023-1388374/sri-lanka-vs-bangladesh-2nd-match-group-b-1388393/full-scorecard

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...