තද වැසි : කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් !

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (01) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ට වැඩි තද වැසිද ඇති විය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දහවල් 12:11ට ඉප්පන්තිවූ දුපත (පුත්තලම දිස්ත්‍රික්කය), අනුරාධපුර, කටුකැලියාව, සහ ඉලුක් වැව (අනුරාධපුර දිස්ත්‍රික්කය) ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ඉතිහාසය ගිනි තබා විනාශ කළ හැකිද?” ප්‍රංශයේ ඓතිහාසික නගර ශාලාව ගිනිදැල් අතරින් අළු වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): වසර 143ක පමණ ඉතිහාසයක් පුරා...

2028 වසරේදී ජනමත විචාරණයක් ?

2028 වසරේදී ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි ජාතික ජන බලවේග...

කොළඹ වරායට ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත චීන ආයෝජනයක් අහිමි වෙයි !

කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම...

කාවන්තිස්ස ඇතුට වෙඩිතැබීම : සැකකරුවකු අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන...