*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/01

  1. 2015 – 2019 දක්වා කාලය තුළ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කරමින් ඇ.ඩො. බිලියන 12 කට වැඩි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයට ගැනීමට සහාය වෙමින් සහ ඇ.ඩො. බිලියන 53 ක මුදලක් අපනයනකරුවන් විසින් විදේශ රටවල රඳවා තබා ගැනීමට හේතු වූ නව විනිමය කලමනාකරණ පනත සම්මත කිරීම දිරිගැන්වීමට කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිර්මාණය කළේ වත්මන් මහ බැංකු අධපති නන්දලාල් වීරසිංහ බව ජාතික දේශප්‍රේමී ව්‍යාපාරයේ ආචාර්ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි: චීනයෙන් ලබා ගැනීමට සැලසුම් යොදා තිබූ ණය අධාර කඩාකප්පල් කිරීමට, නන්දලාල් වීරසිංහ විසින් කිසිඳු අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය නිවේදනය කළ බව ද සිහිපත් කරයි.
  2. එක්සත් ජනපදයේ පාලනය දරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති කොන්දේසි ප්‍රකාරව, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ දී, ශ්‍රී ලංකාවේ විශාලතම ණයහිමියා ලෙස චීනය, තමාට වඩා ඉහළ ගනුදෙනුවක් සිදු නොකළ යුතු අතර, සෙසු ණය හිමියන් සමඟ සම විය යුතු බව එක්සත් ජනපද සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන් (Chris Van Hollen) පවසයි: මේ අතර, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් අනතුරුව පවා චීන ණයවලින් වැඩි ප්‍රමාණයක් සහනදායී කොන්දේසි මත ශ්‍රී ලංකාවට ලබා දී ඇති බැවින්, ශ්‍රී ලංකාවට ලබා දෙන චීන ණය බහු-පාර්ශ්වික මූල්‍ය ආයතන විසින් ලබා දී ඇති ණය හා සමපාත සේ සලකා කටයුතු කරන මෙන් චීන සංවර්ධන බැංකුව විසින් පවසා ඇති බවට අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.
  3. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් විසින් සිදුකරනු ලබන අඛණ්ඩ මැදිහත්වීම් සම්බන්ධයෙන් ඈ සමඟ කටයුතු කරන මෙන් ඉල්ලා, ජාතික සංවිධාන සම්මේලනය එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකරගේ අත්සනින් යුත් ලිපියක් විදේශ අමාත්‍ය අලි සබ්රි වෙත යොමු කරයි.
  4. ඉන්ධන මිල අද සිට ඉහළට: 92 පෙට්‍රල් ලීටරයක් රු. 13 කින් ඉහළට, නව මිල රු. 361: 95 පෙට්‍රල් ලීටරයක් රු. 42 කින් ඉහළට, නව මිල රු. 417: ඔටෝ ඩීසල් ලීටරයක් රු. 35 කින් ඉහළට, නව මිල රු. 341: සුපර් ඩීසල් ලීටරයක් රු. 01 කින් ඉහළට, නව මිල රු. 359: භූමිතෙල් ලීටරයක් රු. 05 කින් ඉහළට, නව මිල රු. 231: මෙම නව මිල ඉහළයාම් රට තුළ දැනටමත් රැකියා අහිමිවීම්, ඉහළ ගොස් ඇති බඩු මිල, ඉහළ ගිය බදු සහ ගෙවා ගත නොහැකි ණය සමඟ පොරබදමින් සිටින පීඩිත ජනතාවට අහිතකර ලෙස බලපානු ඇති බවට විශ්ලේෂකයන්ගේ මතයයි.
  5. ප්‍රමාණවත් තරම් වී මිලදී ගැනීමේ දී මෝල් හිමියන් අභියෝගවලට මුහුණ පා සිටින බව කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී කේ රංජිත් පවසයි: ඉදිරියේදී ඇති විය හැකි වී හිඟයක් සහ ඉදිරි මාසවලදී සහල් මිල ඉහළ යාමේ අවදානමක් පිළිබඳ අනතුරු අඟවයි: පවතින වියළි කාලගුණික තත්ත්වය පිළිබඳ අතිශෝක්තියෙන් යුතු මාධ්‍ය ආවරණය නිසා, ගොවීන් ඇතුළු තුන්වන පාර්ශ්ව පාරිභෝගිකයන් විසින් අනපේක්ෂිත ලෙස වී එකතු කිරීමේ අවදානමක් හටගන්නා බවට අනතුරු අඟවයි.
  6. 2009 විදුලිබල පනත මඟින් නියම කර ඇති පරිදි රජයන් දෙකක් අතර ඇතිවන එකඟතාව මත අදානි (Adani) සමාගම විසින් මන්නාරමේ (මෙගාවොට් 286) සහ පුනරින්වල (මෙගාවොට් 234) යෝජිත සුළං හා සූර්ය බල උද්‍යාන දෙකක් ඉදිකිරීම පිළිබඳ සලකා බැලීමට ශ්‍රී ලංකාව සිය අභිප්‍රාය ප්‍රකාශ කර ඇති පසුබිමක, සීමාසහිත අදානි ග්‍රීන් එනර්ජි (Adani Green Energy Ltd) සමාගම ඉන්දීය රජය නියෝජනය කරන්නේ දැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායමේ පා.ම. මහාචාර්ය චරිත හේරත් ප්‍රශ්න කරයි.
  7. කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) 2023 අගෝස්තු වන විට 4% දක්වා පහත වැටුණු බව ජනලේඛන දෙපාර්තමේන්තුව පවසයි: මෙම දර්ශක අගය, 2022 අගෝස්තු මස පැවති 64.3% ක ඉතා ඉහළ මූලික උද්ධමන දර්ශක අගය මත ගණනය කර ඇති බැවින්, 2021 අගෝස්තු මස සිට 68% ට වඩා වැඩි ජීවන වියදමක් පෙන්නුම් කරන බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  8. ඉකුත් ඉරු දිනක පැවැත්වූ ආන්දෝලනාත්මක ධර්ම ප්‍රචාර වැඩසටහනක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිසියට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු විසින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම සැප්තැම්බර් 21 වන දින තුරු කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කරයි.
  9. තවත් හෙද නිලධාරීන් 3000ක් සේවයට බඳවා ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙයි.
  10. 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් බංග්ලාදේශය පරදවා කඩුලු 5කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනී: බංග්ලාදේශය ලකුණු 164 (ෂන්ටො 89, පතිරණ 4-32, තීක්ෂණ 2-19): ශ්‍රී ලංකාව කඩුලු 05 ට ලකුණු 165 (අසලංක 62*, සමරවික්‍රම 54, ෂකීබ් 2-29).

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan