ඖෂධ හා උපකරණ ගෙන්වීමේදී ඇති වන බාධා ඉවත්කරන්න කමිටුවක්!

0
159
A new study finds that drug prices can vary dramatically in the developing world, especially as a country moves up the economic ladder.

කොළඹ LNW:ඖෂධ හා උපකරණ තරඟකාරීව මිලදී ගැනීමේදී පවතින බාධා මග හැරවීමට කැබිනට් මණ්ඩල තීරණයක් අනුව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන ඒ. එස්. සෙනෙවිරත්න මහතායි.

සරල හා විනිවිද බවින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම හා ඊට ඇති බාධා පිළිබඳව මෙම කමිටුවට මහජනතාවගෙන් ද යෝජනා කැඳවීමට නියමිතයි.

ඒ අනුව සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයින්ටද එම කමිටුවට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකියි.

සැප්තැම්බර් මස 13 වැනිදා දක්වා අදාළ යෝජනා හා අදහස් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙනැවිත් භාර දීමට හෝ ඊමේල් කිරීමට පහසුකම් සලසා ඇත.

[email protected] හා [email protected] යන ඊමේල් ලිපිනයන් ඒ සඳහා භාවිත කළ හැකි අතර ලැබෙන සියලු යෝජනා සලකා බලා ඖෂධ හා උපකරණ මිලදී ගැනිමේදි පවතින බාධා හා ඒවායේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා වාර්තාවක් එම කමිටුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ASK