දිසා අධිකරණය වෙත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස්’ කුසලාන (ආණ්ඩුකාර කුසලාන) තරගාවලියේ දී තමන්ට අසාධාරණයක් සිදු වූයේ යැයි ගෙස්ටෝ ක්‍රීඩා සමාජය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව එම ගැටළුවට විසදුම ලබා දිය යුත්තා ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස නම් කර ඇත.එහිදී ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් “අමාත්‍යවරයාගේ නියමයෙන් සියලු දේශිය තරග නතර කිරීමට සිදුවනවා” යැයි පෙන්වා දීම ගැන ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයෙන් පහත කරුණු දක්වා තිබෙනවා.
ගෙස්ටෝ ක්‍රීඩා සමාජය අමාත්‍යාංශය වෙත යොමුකළ පැමිණිල්ල අභියාචනා උපදේශන කමිටුව වෙත යොමු කර ඇත. එහිදී දෙපාර්ශවයේ ම කරුණු සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවත්, 2023 ජුනි17 සම්මත කරගත් සියලු සංශෝධන ඒකමතික සිදුකර ඇති බවත්, එය අමාත්යාසයේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව ක්‍රියාත්මක කළ නොහැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීම සුදුසු බවත් සාධාරණ පරීක්ෂණයකින් පසුව විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් අභියාචනා උපදේශන කමිටුව නිර්දේශ කර ඇත.
අභියාචනා උපදේශක කමිටුව විසින් අභියාචනය සම්බන්ධයෙන් ගත් තීරණය 2023 අගෝස්තු 25 වැනි දින ලිඛිතව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා යවන ලදී.
යෝජිත සංශෝධනය නීත්‍යානුකූලව අනුමත කරන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් දැනට පවතින ව්‍යවස්ථාව ඉදිරියට ගෙන යා යුතුය.
තවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින ව්‍යවස්ථාවේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බැවින් එම තීරණය රට තුළ කිසිදු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට බාධාවක් නොවිය යුතුය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යෝජිත සංශෝධන අදාළ බලධාරීන්ගේ අධ්‍යයනය සඳහා යොමු කර ඇති අතර තීරණය ඉදිරියේදී දැනුම් දෙනු ඇත.
ඉහත කරුණු ඇතුළත් අමාත්‍යංශ නිවේදනයෙන් මෙන්ම ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයෙන් ද දේශීය තරග තහනම් කිරීම හෝ තහනම් වී නොමැති බවට සාධක ඉදිරිපත් කර නැහැ.ක්‍රිකට් ආයතනය අමාත්‍යංශය විසින් කුමන කරුණක් අරභයා ගනු ලැබූ කුමන තීරණයක් නිසා දේශිය තරග පැවත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇද්ද යන්න පැහැදිළි කර දක්වා නැහැ.එසේම අමාතංශය එම ප්‍රකාශය පදනම් කරගෙන නිකුත් කළ නිවේදනයෙන් ද තමන් ඒ ආකාරයට බාධාවක් සිඳු කර නොමැති බවත්,එම අභියාචන මණ්ඩල උපදෙස් අනුව ගෙන ඇති තීරණ මත එම තරගාවලි බාධාවකින් තොරව පැවත්විය හැකි මාර්ග මොනවාදැයි පෙන්වා දීම ද සිදු කර නැහැ.
නමුත් දිසා අධිකරණය විසින් ගත් තීරණයකට අනුව පැවරුණු බලයක් මත ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රියා කර ඇත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් අමාත්‍යවරයාට පැවරුණු බලතල ප්‍රකාරව ගත් තීරණයකට කටයුතු කිරීමෙන් සිඳුවන බාධාවකට පිළිතුරු සෙවීමට අධිකරණයම පිහිට කර ගත යුතු වෙනවා.දෙපාර්ශවයම නිකුත් කර ඇති මාධය නිවේදනවලින් පැහැදිළිවන්නේ දෙපාර්ශවයම කුමන හෝ කරුණක් අරභයා සමස්ත පිංතූරය එළියට ඒම වළක්වමින් තමන්ගේ හැඩකාර කොටස් මතුවන ආකාරයට ක්‍රියා කර ඇති ආකාරයයි.
සටහන – නිෂ්මං රණසිංහ