අපරාධකරුවන්ට රතු නිවේදන නිකුත් කිරීම ජාත්‍යන්තර පොලීසිය විසින් ප්‍රතික්ෂේප කරයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අපරාධ හා වැඩබලන නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර පොලීසිය විසින් මේ වනවිට අපරාධකරුවන්ට රතු නිවේදන නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව පවසයි.

අපරාධ හා වැඩබලන නීති දිසාව – නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ඒ පිළීබඳ අදහස් දක්වමින්,

පාතාලය යටතේ කටයුතු කරන පුද්ගලයින්ගේ නාමලේඛනය අපි හඳුනාගෙන තිබෙනවා. එයාලගේ ඡායාරූප, පදිංචි ස්ථාන, විදේශගතවී සිටින ප්‍රමාණයත් අපි හඳුනාගෙන තිබෙනවා.”

“විදේශගතවී සිටින අයගෙන් දැනට අපි රතු වරෙන්දු 148ක් ලබාගෙන තිබෙනවා. ඒ අතරින් කිහිපදෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමටත් අවස්ථාව ලැබුණා. 12 දෙනෙක් ඉන්දියාවේ බන්ධනාගාරයේ ඉන්නේ.”

පාතාලය සම්පූර්ණයෙන් පාලනය වෙන්නේ පිටරට ඉඳන්. කුලියට මිනීමරණ කණ්ඩායමත් අපි හඳුනගෙන තියෙනවා. ඒ අයගේ කොටස් කොටස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීම ගැටුම් ඇතිවෙලා පසුගිය කාලයේ කිහිපදෙනෙකු මියගිය අවස්ථාත් තිබුණා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ගාව දැන් ගොනු 16ක් තිබෙනවා. ඒ නිසා නිලධාරීන් පසුබෑමටත් ලක්වෙලා ඉන්නේ. සාධාරණ මිනීමැරුමක් බවට ඒවා පරිවර්ථනය කරගන්න ඕනේ.”

“අපි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්න යද්දි ඔහු නීතිවිරෝධී මාර්ගවලින් විදේශගත වෙන එක දැන් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.”

මෑතකදී හඳයා කියන පුද්ගලයා අපරාධයෙන් පසු දින 02ක් ඇතුළත ඩුබායිවලට යන්න තරම් හැකියාවක් තිබුණා. ඒක අපිට ආවරණය කරගන්න බැරි සීමාවක තියෙන ක්‍රමවේදයක්.”

“ජාත්‍යන්තර පොලීසියෙන් අපි රතු නිවේදනයක් ඉල්ලුවාම ඒ අය කියන්නේ..’අපි කවදාවත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා සැකකරුවෙක් ඔබේ රටට ගෙනත් භාරදෙන්නේ නැහැ.’ කියලා.”

“ඒ වගේ අපි ඉල්ලූ රතු නිවේදන 05ක් ඔවුත් ප්‍රතික්ෂේප කරලා තියාගෙන ඉන්නවා මේ වනවිට.”

උදාහරණයක් ලෙස කුඩු අංජුව අපි ගන්න ගියා. එවැනි තත්ත්වයන් නිරීක්ෂණය වෙනවා.”

ලෙස හෙතෙම කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...