පාපන්දු නිලවරණයට ජස්වර්ගෙන් දහතුනක්, දක්ෂිතගෙන් නවයක්

Date:

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයට අදාළ අභියාචනා තීන්දුව නිලවරණ කමිටුව විසින් ඊයේ (04 වැනිදා )ප්‍රකාශයට පත් කළ අතර එහිදී ගත් අවසාන තීරණයට අනුව ජස්වර් උමාර්ගෙ පාර්ශවයෙන් 13 දෙනෙකුද, දක්ෂිත සුමතිපාල පාර්ශවයෙන් 9 දෙනෙකුද නිලවරණයට සහභාගි වීමට නියමිතය.

සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කළ අනුරාධපුර ලීග් සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ නාමයෝජනා අභියාචනා කමිටුව විසින්ද ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.ඊට අමතරව එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප කෙරිණි.

නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට සහ අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දුන් අවස්ථාවට අනුව අභියාචනා පිළිබඳ විමසා බැලූ කමිටුව මෙම තීරණය ඊයේ සවස දැනුම් දුන්නේය.

එසේ අභියාචනා ඉදිරිපත් කළ දක්ෂිත සුමතිපාලගේ පාර්ශ්වයේ විධායක සභික තනතුරට නාමයෝජනා ඉදිරිපත් කළ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්) යන අයගේ ප්‍රතික්ෂේපිත වූ නාමයෝජනාව යළි පිළිගැනීමට නිලවරණ කමිටුව එකගතාවය පළ කර ඇත.

නිලවරණය සඳහා නාම යෝජනා භාර දුන් ජස්වර් උමාර්ගේ පාර්ශ්වයට ද විරෝධතා ඉදිරිපත්ව තිබුණ ද ඒවා ප්‍රතික්ෂේප වුණි.

සැප්තැම්බර් 29 වන දා පැවත්වෙන නිලවරණයේදී ඉදිරි වසර 4 ක ධූර කාලය සඳහා සම්මේලනයට නිලධාරීන් පත් කර ගැනීම සිදු කිරීමට නියමිතය.

අගෝස්තු 19 වැනිදා නිලවරණය සඳහා භාර දී, ප්‍රතික්ෂේප වී අභියාචනා කමිටුවට නැවත පිළිගන්නා ලෙස ඉදිරිපත් වූ නාමයෝජනා අතරින්,අභියාචනා කමිටුව විසින් ද ප්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා මෙසේය.
සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් දක්ෂිත සුමතිපාල, උපසභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.අයි. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය)

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...