සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දිස්ත්‍රික්ක තුනක පවුල් 28 ක පුද්ගලයින් 98 ක්, රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බස්නාහිර පළාතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 15 ක පුද්ගලයින් 50 ක්, දකුණු පළාත් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 7 ක පුද්ගලයන් 24 ක් සහ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 6 ක පුද්ගලයන් 24 ක් මෙසේ පීඩාව පත්ව සිටින බවත් ගස් පෙරළීම, සුළං සහ විදුලිකෙටීම යන අනතුරුවලින් මෙම පුද්ගලයන් අපදාවට පත්ව සිටින බවත් , මෙම අනතුරුවලින් නිවාස 26 කට අර්ධ හානි වී ඇති බවත් ය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??