ගෑස් මිලත් එක්කම ආපනශලාත් ගණන් උස්සලාද?

Date:

කොළඹ LNW: ගෑස් මිල ඉහළ දැමුණද ආපනශාලා තුළ මිල වැඩි කිරීමක් සිදු නොකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන් සහ අවන්හල් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කරන්නේ විදුලි ගාස්තු සංශෝධනයක් වුවහොත් පමණක් ඊට අදාළව ආහාර මිල වැඩි කිරීමට සිදුවෙන බවයි.

”පසුගිය මාස තුනක 3 ක පමණ කාලය තුළදී විටින් විට විදුලි බිලත්, වතුර බිලත්,ගෑස් මිලත් වැඩිවීමක් සිදුවුවත් ආපනශාලාවල ගණන්වල කිසිදු වෙනසක් සිදු කළේ නැහැ. හෙට හෝ අනිද්දා තව නොබෝ දිනකින් විදුලි බිල වැඩි වුවහොත් අනිවාර්යයෙන්ම ආපනශාලා වල මිල ගණන් සංශෝධනය කරනවා. 65ට, 60ට තිබුණ බිත්තරය දැන් රුපියල් හතළිස් 42ට 43ට අඩුවෙලා අඩු වෙලා තියෙනවා, මෙම අඩුවීමට ප්‍රධානම හේතුව රජයේ වාණිජ නීතිගත සංස්ථාව බිත්තර ආනයනය කිරීමට තීරණය කිරීමයි, බිත්තර ආනයනය කිරිමත් සමඟ වෙළෙඳපොළ මාෆියාව කැඩුනා. බිත්තර වල මිල අඩු කරන්න කියලා අපි බිත්තර සංගම්වලින් වරින්වර ඉල්ලීම් කළා. කෙසේ වෙතත් මිල අඩු කිරීමක් සිදු කළේ නැහැ . දෙශිය නිෂ්පාදකයා රැක ගන්නත් ඕන ඒ වගේම මේ රටේ පාරිභෝගිකයා රැක ගන්නත් ඕන.පාරිභෝගිකයා රැකුණොත් තමයි නිෂ්පාදකයා රැකෙන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...