චීන ශ්‍රී ලංකා ආයෝජයන ප්‍රවර්ධන සමුළුවක් චීනයේ ශැංහයි නුවරදී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 2023.09.05 වන දින චීනයේ ශැංහයි නුවරදී චීන ශ්‍රීලංකා ආයෝජයන ප්‍රවර්ධන සමුළුවක් පැවත්විණි.

මෙහිදි සෞඛ්‍ය හා ඖෂධ ,සූර්‍ය බලශක්ති ව්‍යාපෘති ,සුලං බලයෙන් විදුලිය නිපදවීම,ධීවර කර්මාන්ත සහ යටිතල පහසුකම් සදහා ආයෝජන ලබා ගැනීමසදහා සාකච්ඡා කෙරිණි.මෙහිදී ඩොලර් මිලියන 100ක ආයෝජන සදහා කැමැත්ත පලකිරීමේ ලිපි අත්සන් තැබිණි.

මෙම චීන ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන සමුළුවට චීන ව්‍යාපාරිකයින් සියයකට අධික ප්‍රමාණයක් සහභාගී විය. මෙහිදී චීන ව්‍යාපාරිකයින් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බවද මෙම චීන ව්‍යාපාරික ප්‍රජාව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතාට පවසා තිබේ.

මෙම සමුළුව සංවිධානය කර තිබුණේ  චීන රජය වෙනුවෙන් ශැංහයි නුවර ව්‍යාපාරික ප්‍රවර්ධන කාර්‍යාලය විසිනි. සමුළුව සම්බන්ධීකරණය කරන ලද්දේ  එම කාර්‍යාලයේ ව්‍යාපාරික ප්‍රවර්ධන නිලධාරිනිය විසිනි.

චීනය හා ශ්‍රී ලංකාව අතර ආගමික සංහිදියාව වෙනුවෙන් ශැංහයි නුවර බෞද්ධ විහාරස්ථානයක්ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිළුම් අමුණුගම විසින් විවෘත කරන ලදී.තවද මෙහිදී ශ්‍රී ලංකාවෙන් වඩම්මවන ලද ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමටද චීන ජනතාවට අවස්ථාව ලබා දී තිබිණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...