*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

රුබියලස් නොසෙල්වෙයි,විල්ඩා සෙලවෙයි

කාන්තා පාපන්දු ලෝක සූරතාවය දිනූ ස්පාඤ්ඤ කණ්ඩායමේ පුහුණුකරු ජෝර්ජ් විල්ඩා එම තනතුරෙන් ඉවත් කරන්නට ස්පාඤ්ඤ රාජකිය පාපන්දු සංගමය කටයුතු කර ඇත.විල්ඩා නොවන පුහුණු කාර්ය මණ්ඩලයට අයත් 11 දෙනෙක් ද ඉල්ලා අස්වෙන්නට තීරණය කර තිබෙන බව වාර්තා වී තිබුණත් රාජකීය පාපන්දු සම්මේලනය ඉවත් කර ඇත්තේ විල්ඩා පමණි.
මේ සියල්ලට හේතුව යුරෝපීය පාපන්දු සංගමයේ උප සභාපතිවරයෙක් මෙන්ම ස්පාඤ්ඤ පාපන්දු සංගමයේ සභාපතිවරයා වූ ලුයිස් රුබියලස් ලෝක කුසලානය දිනා ගන්නා අවස්ථාවේ ස්පාඤ්ඤ ක්‍රීඩිකා ජෙනිෆර් හොර්මසෝ ගේ දෙතොල් සිප ගැනීමය.
මේ ගැන ජෝජ් විල්ඩා ස්පාඤ්ඤයේ පාපන්දු ජයග්‍රහණ වෙනුවෙන් තමන්ට අවශ්‍යය පරිපාලනමය පසුබිම සකස් කර දුන් රුබියලස් ගැන වචනයක් කියන්නට පමා වුව ද,පසුව ඔහු එම ක්‍රියාව හැඳින්වූයේ “අපගේ මෙතෙක් ඉහළම නායකයෙකු වන ලුයිස් රුබියල්ස්ගේ නුසුදුසු හැසිරීම නිසා ස්පාඤ්ඤ කාන්තා පාපන්දු ජයග්‍රහණයට හානියක් වී ඇත” යනුවෙන්ය.


එම ප්‍රකාශයෙන් පසුව ගෙවී ගිය දින කිහිපයෙන් පසුව විල්ඩාව ගෙදර යවන ස්පාඤ්ඤ පාපන්දු සංගමය ඔහු මේ දක්වා වයස් කෘණ්ඩ ලෝක සූරතා කිහිපයක් සහ කාන්තා ලෝක සූරතාවය දිනා දෙමින් කළ සේවයට ස්තූති කරමින්ම සේවයෙන් ඉවත් කිරීමේ ලිපියද ලියන්නේය.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය රුබියලස්ට මේ වන විට දින 90 ක තහනමක් පනවා ඇති අතර ස්පාඤ්ඤය ද ඒ අනුව යමින් අන්තර්වාර සභාපතිවරයෙක් ලෙස පෙඩ්රෝ රොචා පත්කර ගෙන ඇත.ඔහු රුබියලස් විවේචනය කරමින් ලිපියක් ලියමින් රුබියලස්ගේ ක්‍රියාවන් “ස්පාඤ්ඤ සමූහාණ්ඩුව විසින් ආරක්ෂා කරන ලද සාරධර්ම හෝ සමස්තයක් ලෙස ස්පාඤ්ඤ සමාජයේ වටිනාකම් නියෝජනය නොකරන අතර, ඔහුගේ ක්‍රියාවන් සඳහා ඔහු පමණක් වගකිව යුතුය” යනුවෙන් බව පවසා ඇත.
කෙසේ නමුත් රුබයලස් ඉවත් කිරීමට කටයුතු නොකරන ස්පාඤ්ඤ රාජකීය පාපන්දු සංගමය ඔහුව විවේචනය කරමින් සිඳු වූ හානිය ගැන කියමින් පාපන්දුව හා සෘජුව සම්බන්ධ චරිතවලට නිහඬ අනුතරු හැඟවීමක් කරමින් මේ දක්වා ස්පාඤ්ඤ පාපන්දුවට ආසන්න කාලයේ ලෝක සූරතා කිහිපයක්ම ගෙන ඒමට මුල් වූ ජෝර්ජ් විල්ඩා ඉවත් කරමින් අනතුරු ඇඟවීමක් කර ඇත.ඒ රුබියලස්ගේ තරම පෙන්නීම වැනිය.
නමුත් කාන්තා ක්‍රිඩිකාවෝ රුබියල්ස් ඉවත්වන තුරු ඔවුන් ක්‍රීඩා නොකරන බව පවසන්නේය.පිරිමි කණ්ඩායම ද සංචාරයක් නිමවා ස්පාඤ්ඤයට ළගා වූ පසුව එහි නායක අල්වාරෝ මොරාටා පවසා ඇත්තේ රුබියලස්ගේ හැසිරීම ප්‍රතික්ෂේප කළ යුතු බවයි.
මේ අනුව දැන ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් එක්ව ක්‍රීඩිකාව වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න කාරණය මත RFEF ලෙස හඳුන්වන ස්පාඤ්ඤ රාජකීය පාපන්දු සංගමය පාපන්දුවට කෙතරම් වැදගත් ද යන්න තීරණය වනු ඇත.නිහඩව වචනවලට සීමා වූ විවේචන සහිතව ඒවා ඉක්මවා රුබියලස් විවේචනය කිරීම නිලධාරිවාදයේ උදහසට හේතුවන තත්ත්වයකට පැමිණියහොත් RFEF වෙතින් ස්පාඤ්ඤ පාපන්දුවට RIP කීමේ අවස්ථාවක්ද උදා විය හැකිය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan