*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

VOICE ජනමත විචාරණයේදී අප YES ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ සහ ඡන්දය දිය යුත්තේ ඇයි?

2008 පෙබරවාරියේදී, පැහැර ගන්නා ලද පරම්පරාවන් වෙත කල ජාතික සමාව අයැදීමේ දී ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් (ආදි ජනයා) ‘මානව ඉතිහාසයේ පැරණිතම අඛණ්ඩ සංස්කෘතීන්’ ලෙස පිළිගත්තේය. එනමුත්, ඕස්ට්‍රේලියානු ජනතාව එකසේසත් කල යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් ගැන සඳහනක් හෝ හඳුනා ගැනීමක් කර නොමැත.

2023 ඔක්තෝම්බර් 14 වන දා, ඕස්ට්‍රේලියානු වාසීහු ආදි ජනයා පිළිගැනීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කල යුතුද යන්න පිළිබඳව පවත්වන ජනමත විචාරණයකදී ඡන්දය ප්‍රකාශ කරනවා ඇත. ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ හඬක් (VOICE) ස්ථාපිත කිරීමෙන් යෝජිත සංශෝධනය ඕස්ට්‍රේලියාවේ ආදි ජනයා පිළිගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කරනු ඇත.

VOICE ස්වාධීන සහ ස්ථිර උපදේශක ආයතනයක් වනු ඇති අතර එය ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ජීවිතවලට බලපාන ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති පිළිබඳව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට සහ ආණ්ඩුවට උපදෙස් ලබා දෙනු ඇත. YES ජයග්‍රහණයක් මගින් ඔවුන්ට වඩා හොඳ සෞඛ්‍ය, අධ්‍යාපන, රැකියා සහ ඔවුන්ට හිමි විය යුතු දිගුකාලීන යුක්තිය ගෙන ආ හැකි ඓතිහාසික වෙනසක් සිදු කරනවා ඇත.

YES ජයග්‍රහණයකින් පමණක් ආදි ජනයාගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන පරිපූර්ණ විසඳුමක් ලබා නොදෙන බව අපි දනිමු. එසේ වුවද, ඕස්ට්‍රේලියාව වැනි ධනවත් රටකට ගැළපෙන ආකාරයට, සමාජ ආර්ථික ප්‍රතිලාභවලින් සාධාරණ කොටසක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති ආදි ජනයා සමඟ වඩා හොඳ උපදේශන ක්‍රියාවලියක් ඇති කර ගැනීම සඳහා එයින් මග පෑදෙනු ඇත.

නවසීලන්තයේ, කැනඩාවේ සහ එක්සත් ජනපදයේ සිදු කර ඇති ආකාරයට, ආදි ජනයා සහ සෙසු ඕස්ට්‍රේලියානුවන් අතර ගිවිසුමක් (Treaty) ඇති කර ගැනීමෙන් වඩා වැඩි ප්‍රගතියක් අත් කර ගත හැකිය. එසේ නමුත්, ඕස්ට්‍රේලියාවේ පවතින වත්මන් ආර්ථික හා දේශපාලන වටපිටාව එවැනි විධිවිධාන සකස් කිරීම සඳහා උපකාරී වන බවක් නොපෙනේ. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන, මේ මොහොතේ VOICE ජනමත විචාරණයේ දී YES ව්‍යාපාරය සඳහා සහය දැක්වීම වඩාත්ම නිවැරැදි, ගැලපෙන හා සාධාරණ තේරීම වනු ඇත.

අප බොහෝ දෙනෙක් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ අප උපන් රටවල සමාජ ආර්ථික, දේශපාලනික සහ මානව හිමිකම් අහිමි කරනු ලැබීම හේතුවෙනි. මානව ගරුත්වය සහ අපගේ ජීවිතවලට දැක්විය යුතු සැලකිල්ල, රැකියා සහ උසස්වීම් වලදී සාධාරණ අවස්ථා සහ අපගේ දරුවන්ට සුදුසු අධ්‍යාපන අවස්ථා අහිමි කිරීම විසින් අපට මෙම තෝරා ගැනීම කරන්නට බල කරන ලදි. හේතුව කුමක් වුවත්, අප ඕස්ට්‍රේලියාවට පැමිණියේ වඩා යහපත් අවස්ථාවන් සහ සාධාරණව සලකන සමාජයක් බලාපොරොත්තුවෙනි.

උපහාසයට හේතුව වන්නේ, සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම හේතුවෙන්, මේ රටේ බොහෝ ආදි ජනයාට එවැනි අවස්ථාවන්, සාධාරණ ලෙස සලකන සමාජයක් මෙන්ම ස්වභාවික යුක්තියත් අහිමි කර තිබීම යි. ඔවුන් වෙනුවෙන් බොහෝ වැදගත් තීරණ ගනු ලබන්නේ ඔවුන්ගේ සංස්කෘතීන්, විශ්වාසයන් සහ පිළිවෙත් ගැන අවබෝධයක් නැති ‘අන් අය’ විසිනි. ඔවුන්ගේ ගැටළු ඵලදායී ලෙස ආමන්ත්‍රණය කල හැකි ආකාරයේ විසඳුම් ලබා ගත හැකි වන්නේ ඔවුන්ව පිළිගැනීමෙන් හා ඔවුන් සමඟ සැබෑ කතිකාවක් ඇතිකරගැනීමෙන් පමණකි. VOICE ජනමත විචාරණයේ දී YES වෙනුවෙන් ගෙන යන ව්‍යාපාරයේ පරමාර්ථය එයයි.

අනෙක් අතට, NO වෙනුවෙන් ගෙන යන ව්‍යාපාරයට සහාය දක්වන බොහෝ අය ඔවුන්ගේ තර්ක පදනම් කර ගන්නේ වැරදි නියෝජනයන්, වැරදි තොරතුරු, ගොතන ලද තොරතුරු සහ මුළා කිරීම් මත යි. ඔවුන් කියා සිටින්නේ ‘ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් (ආදි ජනයා) ගේ හඬ පාර්ලිමේන්තුවට’ ගෙන ඒම රට බෙදීමට හේතු වන බවත්, ආදි ජනයාට විශේෂ සැලකිල්ලක් ලබා දෙන බවත්, ඒ නිසා එය අනතුරුදායක බවත්ය!

වඩා වැදගත් කාරණය වන්නේ කවර සමාජ ආර්ථික දර්ශකයක් මත පදනම් වූවත්, ඕස්ට්‍රේලියාව ගැඹුරු සමාජ ආර්ථික අසමානතාවයන්ගෙන් සහ අවස්ථා නොමැති වීමෙන් පීඩා විඳින ආදි ජනයාගෙන් සමන්විත, දේශපාලනික මෙන්ම සංස්කෘතික වශයෙන් බිඳී ගිය රටක් බව යි. VOICE උපදේශක මණ්ඩලය ප්‍රමාණවත් නියෝජනයක් ලබා නොදෙන බවත්, වඩා යහපත් ප්‍රතිඵල ලබා නොදෙන බවත් ඇතැමෙක් පවසති. දැඩි ස්ථාවරයක් ගන්නා තවත් සමහරෙක් පළමුව ගිවිසුමක් (Treaty) ඇති කර ගත යුතු බව පවසති.

2017 ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මේලනයේ දී එක්රැස් වූ වැඩිහිටියන් හා ප්‍රධානීන් ගෙන් සමන්විත ආදි ජනයා විසින් නිකුත් කරන ලද ඉදිරි ගමන් මඟ පිළිබඳ ඓතිහාසික සම්මුතියක් වන හදවතින් නැ‌ඟෙන උළුරු ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ: “අපි, අපේ ජනතාව බල ගැන්වීම සඳහාත් අප‌ට ලැබිය යුතු නිසි තැන ලබා ගැනීම සඳහාත් අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ බලා පොරොත්තු වන්නෙමු. අපේ ඉරණම තීරණය කිරීමේ බලය අප සතුව පවතින විට අපේ දරුවන් සමෘද්ධිමත් වෙනවා ඇත. දෙලොවෙහිම සැරි සරන ඔවුන්ගේ සංස්කෘතිය ඔවුන්ගේ රටට දායාදක් වෙනවා ඇත.”

දැනට ආදිවාසී ජනයාගෙන් සියයට 50කට වඩා වැඩි කොටසක් වයස අවුරුදු 25ට අඩු අය වෙති. ඔවුන් සිය අසල්වාසීන්ට වඩා 24 ගුණයකින් සිර ගත කරනු ලැබීමට බඳුන් විය හැකිය; මූලික උපාධියකට වඩා නිවසක් නොමැති කමෙන් ඔවුන් පීඩා විඳ තිබිය හැකිය; ආදිවාසී ජනයාගේ සියදිවි නසාගැනීමේ අනුපාතය සෙසු ඕස්ට්‍රේලියානුවන්ගේ අනුපාතය මෙන් දෙගුණයක් පමණ වේ. ඕස්ට්‍රේලියානුවන්ගේ වර්තමාන ආයු අපේක්ෂාව අවුරුදු 84ක් වන අතර, බොහෝ ආදි වාසී ජනයා වයස අවුරුදු 70ට ළඟා වන විට මිය යති. මේවායින් බොහොමයක් වළක්වා ගත හැකි මරණ වේ. ආදි වාසී ඕස්ට්‍රේලියානුවන් පිළිබඳ ඇමතිනිය වන ලින්ඩා බර්නිට අනුව, පරතරය පියවා දැමීමේ ඉලක්ක 19 යෙන් සාර්ථක ලෙස “ඉලක්කය” කරා ගමන් කරන්නේ 4ක් පමණකි.

එබැවින්, සමානාත්මතාවය, අභිමානය සහ ගෞරවය අගය කරන සංක්‍රමණිකයන් වශයෙන්, ඕස්ට්‍රේලියාවේ ආදි ජනයා වෙනුවෙන් සමාන අවස්ථා ලබා දීම සහ වටිනාකම් පිරිනැමීම වෙනුවෙන් පෙනී සිටීම සහ ආදි ජනයා දිගින් දිගටම පීඩා විඳිමින් සිටින ජීවමාන සමාජ ආර්ථික විෂමතා ආමන්ත්‍රනය කරන්නට ඵලදායී පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම අපගේ යුතුකම සහ වගකීම වන්නේය.

NO වෙනුවෙන් පෙනී සිටින කඳවුර මේ ප‍්‍රශ්නය වෙත ප්‍රවේශ වන්නට යොදා ගන්නා බිය ගැන්වීම, නොදැනුවත්කම, ආත්මාර්ථකාමී බව සහ පරමාදර්ශ බව බෙහෙවින් ඛේදජනක වෙයි. අප මීට වඩා යහපත් අය වන්නෙමු. ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව (Australian Advocacy for Good Governance in Sri Lanka Inc. – AAGGSL), YES ව්‍යාපාරය සඳහා සහය දක්වන සියලුම පුද්ගලයන් හා ආයතන සමඟ සහයෝගයෙන් ඔවුන් හා එකට පෙනී සිටිනු ඇත. එසේම ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ:

ධෛර්යමත්ව, YES වෙනුවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරන්න.

භීතියත් චකිතයත් වෙනුවට යහපත්බව සහ බලාපොරොත්තුව තෝරා ගන්න.

සාඩම්බරයෙන් යුතුව නිවැරැදි දේ කරන්න.

ඔබේම විශ්වාසි

අත්සන් කලේ

ආචාර්ය ලයනල් බෝපගේ
සභාපති
ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව

ඇන්ටනි ග්‍රේෂන් මහතා
ලේකම්
ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාව

*2023 අගෝස්තු 30 වන දා නිකුත් කල ප්‍රකාශයේ සිංහල අනුවාදය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan