චීන පොහොර නැවට ගෙවීම් වාරණය කිරීමේ නියෝගය ජනවාරි 06 දක්වා දීර්ඝ කරයි

Date:

අහිතකර ජීවීන් අඩංගුවීම නිසා ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර නෞකාව සඳහා ගෙවීම් සිදු කිරීමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝග ජනවාරි 06 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. කොළඹ වාණිජ්‍ය මහාධිකරණය අද මෙම වාරණ නියෝගය දීර්ඝ කළේය.

වාරණ නියෝගය දීර්ඝ කරමින් මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ වාරණ නියෝගය ඉවත් කරන්නේද එසේ නැතහොත් තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න ජනවාරි 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද (23) යළි කැදවීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය කළේය.

පෙත්සම්කාර පොහොර සමාගම්  මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් වග උත්තරකාර චින්දාඕ සීවින් බයෝටෙක් ගෘෘප්‍ කොම්පනි නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දී තිබුණි.

ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මඟින් පිළිගෙන ඇතැයි ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ජාතික ශාක නිරෝධායන සේවය මගින් සිදුකළ නියැදි පරීක්ෂාවේදී අදාල පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වූ අතර මේ නිසා පොහොර තොගය ප්‍රතික්ෂේප කෙරිණි. ඒ වනවිටත් පොහොර අඩංගු නෞකාව ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබූ අතර දින ගණනාවක් ශ්‍රී ලංකාව අවට මුහුදේ ගමන් කරමිත් තිබූ නෞකාව මේ වනවිට සිංගප්පූරු වරායේ නැංගුරම් ලා තිබේ.

වගඋත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයන් ප්‍රකාශ කළේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් යම් සමථයකට පත් වුවහොත් මෝසමක් මාර්ගයෙන් ඒ පිළිබඳව අධිකරණය වෙත කරුණු දක්වන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...