දයාසිරි සංවේදී වෙයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (09) දින කුරුණෑගල පක්ෂ කාර්යාලයේදී පැමිණ සිටි පිරිස අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ කිසිවිටෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාක්ෂිකයින් හැර නොයන බවයි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“මම මේ ගමෙන් දේශපාලනය ආරම්භ කළේ. ලේකම්වරයා විදිහට සහභාපති කිව්ව දේවල් මම කළා. පක්ෂයෙන් අයින්කරන්න කියපුවාම මම කළා. විනය පරීක්ෂණ තියන්න කිව්වාම මම විනය පරීක්ෂණ තිබ්බා. අයේ ගන්න ඕනේ කිව්වාම ඒකටත් මම අත ඉස්සුවා. අද පක්ෂය දාලා ගිහිල්ලා ඇමතිකම් ගත්ත අය අතුළේ. පක්ෂය වෙනුවෙන් කැපවුණු කෙනා එළියේ.”

“පක්ෂයේ නායකයාට පුළුවන් ඕන කෙනෙක් එළවන්න. හැබැයි මතක තියාගන්න පක්ෂයට දර දිය ඇදලා පක්ෂය වෙනුවෙන් කැප වෙලා.. පක්ෂය ගත්තු තීන්දුවලට එකඟවෙලා පක්ෂයේ නායකයා සමග කෙළින් හිටගත්තු මට බල්ලෙක් වගේ එළියට බහින්න බෑ. මාව බල්ලෙක් වගේ එළියට ඇදලා දැම්මේ. මමයි සභාපතිතුමයි තාත්තයි පුතයි වගේ. තාත්තා ගාවට කිට්ටු වුණා නරක යාළුවෝ ටිකක්. ඒ අයට ඕනේ වුණා දායාසිරි ජයසේකරව විනාශ කරන්න. ඒ නිසා හැමවෙලේම ගිහින් කේලම් කියන්න පටන් ගත්තා.”

“අද රෑට දායාසිරිව ඉවත් කරනවා කියලා ආණ්ඩුයට ගිය ගම්පහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ලක්ෂ 50ක් ඔට්ටු දනවා කිව්වා එදා”

ලෙස දයාසිරි ජයසෙකර මහතා ඉතා සංවේදීව කියා සිරටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...