මොරොක්කෝවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

Date:

පසුගිය සිකුරාදා(08) මධ්‍යම මොරොක්කෝවට බලපාන ලද රික්ටර් මාපකයේ 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවා ඇති අතර, බරපතල තුවාල ලැබුවන් 1400ක් වන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෙම භූමිකම්පාව හයි ඇට්ලස් කඳුකරයේ කිලෝමීටර් 18.5ක් ගැඹුරින් ඇතිව ඇති අතර ඉන් කිලෝමීටර් 350 ක් පමණ දුරින් පිහිටි රබාට් අගනුවරට මෙන්ම කැසබ්ලැන්කා, අගාදිර් සහ එසවුරා වෙත ද දැනී ඇත. අල් හවුස් පළාතේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර කඳුකර ගම්මානවල සිදුව ඇති විනාශයේ පරිමාණය තක්සේරු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.

විපතට පත් වුවන් වෙනුවෙන් සහය දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය,ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් ගණනාවක් සිය සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වී ඇති අතර, හයවන මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර සහ වෙනත් උපකාර ලබා දීම ජාතික ප්‍රයත්නයේ කොටසක් ලෙස සැලකිය යුතු බව නිවේදනය කර ඇත.

මෙම භූමිකම්පාව සියවසකට වැඩි කාලයක් තුළ මොරොක්කෝවට බලපෑ බලවත්ම භූමිකම්පාව වේ.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...