මොරොක්කෝවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

Date:

පසුගිය සිකුරාදා(08) මධ්‍යම මොරොක්කෝවට බලපාන ලද රික්ටර් මාපකයේ 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවා ඇති අතර, බරපතල තුවාල ලැබුවන් 1400ක් වන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෙම භූමිකම්පාව හයි ඇට්ලස් කඳුකරයේ කිලෝමීටර් 18.5ක් ගැඹුරින් ඇතිව ඇති අතර ඉන් කිලෝමීටර් 350 ක් පමණ දුරින් පිහිටි රබාට් අගනුවරට මෙන්ම කැසබ්ලැන්කා, අගාදිර් සහ එසවුරා වෙත ද දැනී ඇත. අල් හවුස් පළාතේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර කඳුකර ගම්මානවල සිදුව ඇති විනාශයේ පරිමාණය තක්සේරු කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.

විපතට පත් වුවන් වෙනුවෙන් සහය දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය,ස්පාඤ්ඤය, ප්‍රංශය සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් ගණනාවක් සිය සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වී ඇති අතර, හයවන මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර සහ වෙනත් උපකාර ලබා දීම ජාතික ප්‍රයත්නයේ කොටසක් ලෙස සැලකිය යුතු බව නිවේදනය කර ඇත.

මෙම භූමිකම්පාව සියවසකට වැඩි කාලයක් තුළ මොරොක්කෝවට බලපෑ බලවත්ම භූමිකම්පාව වේ.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි නීතිය දීර්ඝ කිරීමට අවධානය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය...

සයිප්‍රසයේ පිහිටි RAF Akrotiri බ්‍රිතාන්‍ය යුද හමුදා මූලස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යය සිය ගුවන් කඳවුරු...

ඉරාන ප්‍රහාර හමුවේ ගල්ෆ් “ක්ෂේම භූමි” සුණු විසුණු වෙයිද ?

රෂිකා හෙන්නායක මාර්තු 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැදපෙරදිග අර්බුදය බිඳ වැටුණු අනභිබවනීය...

රටේ තෙල් හිඟයක් නැහැ.අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්න එපා – බලශක්ති ඇමති ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර...