ශෂී වීරවංශගේ නඩුව හෙට (12) කැදවයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක් වෙනත් මහෙස්ත්‍රාත්වරයකු හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත. ඒ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවතින නඩුවකි.

ශෂී වීරවංශ මහත්මිය විසින් ඉදිරිපත් කළ අයදුම් පතක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් එම නියෝගය ලබා දී ඇති බව සඳහන් .

අදාළ නඩුව හෙට (12) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ කැඳවීමෙන් අනතුරුව එම අධිකරණයේ තිබෙන අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණයට මාරු කරන ලෙසද නියෝග කර ඇත.

පෙත්සම්කාර ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායිකාවට එරෙහිව ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ නඩු විභාගයක් පැවැත්වෙන බවත් එම නඩුවෙන් ඇයට සාධාරණයක් නොලැබෙන බවත්ය.

තමා අසනීපව සිටි අවස්ථාවක ද මෙම නඩුව විභාගයට ගැනීමට මහෙස්ත්‍රාත්වරයා සූදානම් වූ බව පෙන්වාදෙන ජනාධිපති නීතිඥවරයා මේ තුළින් තමන්ට යුක්තියක් ඉටු නොවනු ඇතැයි සැකයක් මතු වී තිබෙන හෙයින් එම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස තම සේවාදායිකාව අධිකරනයෙන් ඉල්ලා සිටින බවත්ය .

එම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කළේ, නඩු විභාගයන් කාර්යක්ෂම කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරු විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවය.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයක් මතු වන්නේ නම් ඊට අදාළව සුදුසු නියෝග නිකුත්කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් , ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...