උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියාවේ සංචාරයක

Date:

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට රුසියාවේ සංචාරය කිරීමට නියමිත බව රුසියානු හා උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ක්‍රෙම්ලිනය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අද(11) දවසේදී කියා තිබුණේ, කිම්ගේ සංචාරය පුටින්ගේ ආරාධනයකට අනුව සිදුවන බවයි.

පසුගිය සතියේ එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් කිම් ජෝන් උන් හා පුටින් අතර හමුව පිලිබඳ වාර්තා කර තිබුණ අතර ඔවුන්උ සඳහන් කර තිබුණේ, උතුරු කොරියාව සහ රුසියාව ඔවුන්ගේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා මෙම මාසය තුළදී නායකයින් අතර රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි.

යුක්රේන යුද්ධය වෙනුවෙන් ආධාර කිරීම සහ උතුරු කොරියාවට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලන ශක්තිය වර්ධනය කර ගැනීමට ඔවුන් දෙපාර්ශවය අතර සාකච්ජා කරනු ඇති බවයි එක්සත් ජනපද බුද්ධි අංශ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...