උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියාවේ සංචාරයක

Date:

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට රුසියාවේ සංචාරය කිරීමට නියමිත බව රුසියානු හා උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ක්‍රෙම්ලිනය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අද(11) දවසේදී කියා තිබුණේ, කිම්ගේ සංචාරය පුටින්ගේ ආරාධනයකට අනුව සිදුවන බවයි.

පසුගිය සතියේ එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් කිම් ජෝන් උන් හා පුටින් අතර හමුව පිලිබඳ වාර්තා කර තිබුණ අතර ඔවුන්උ සඳහන් කර තිබුණේ, උතුරු කොරියාව සහ රුසියාව ඔවුන්ගේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා මෙම මාසය තුළදී නායකයින් අතර රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි.

යුක්රේන යුද්ධය වෙනුවෙන් ආධාර කිරීම සහ උතුරු කොරියාවට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලන ශක්තිය වර්ධනය කර ගැනීමට ඔවුන් දෙපාර්ශවය අතර සාකච්ජා කරනු ඇති බවයි එක්සත් ජනපද බුද්ධි අංශ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...