අමෙරිකාව හෙල්ලූ සැප්තැම්බර් 11

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අමෙරිකානු ඉතිහාසයේ, අමෙරිකානු භූමිය තුළ එල්ල වූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුවූ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 22 වන වසර සිහිකිරීම  අදට යෙදී තිබේ.

නැවතත් සිහිකිරීම පවා වේදනාකාරී එම ප්‍රහාරය ,  අල් කයිඩා ඉස්ලාමීය අන්තවාදී සංවිධානයට සම්බන්ධ සන්නද්ධ සාමාජිකයින් 19 දෙනෙකු ගුවන් යානා පැහැරගැනීම් සහ මරාගෙන මැරෙන ප්‍රහාර වැලක් එල්ලකරමින් විශාල  විනාශයක් සිදුවිය.

නිව්යෝක් නුවර වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල සහ වොෂින්ටනයේ පෙන්ටගන් ගොඩනැගිල්ල ප්‍රහාරවල ඉලක්ක වූ අතර ත්‍රස්තවාදීන් පැහැරගත් එක් ගුවන්යානයක් සිය පාලනයට ගැනීමට මගීන් උත්සාහ කිරීමත් සමග එය පෙන්සිල්වේනියා ප්‍රාන්තයට කඩාවැටීමෙන්ද ජීවිත හානිද සිදුවිය.

නිව්යෝක් ප්‍රහාරයෙන් 2,750 දෙනෙකුද,  පෙන්ටගන් ප්‍රහාරයෙන් 184 දෙනෙකු ද, පෙන්සිල්වේනියාවේ ගුවන් යානය කඩාවැටීමෙන් 40 දෙනෙකුද මියගියහ.

9/11 ප්‍රහාරයේ අනුස්මරණයන් නිව්යෝක් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල පිහිටා තිබූ ස්ථානයේද, පෙන්ටගනයේ සහ ගුවන් යානයක් කඩාවැටුණු පෙන්සිල්වේනියාවේ ෂැන්ක්ස්විල් හිදී මෙන්ම ඇලස්කාවේදීත් පැවැත්වෙයි.

ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දියාවේ සහ වියට්නාමයේ සංචාරයෙන් අනතුරුව නැවත පැමිණ, ඇලස්කාවේදී සැප්තැම්බර් 11 අනුස්මරණයට එක්වන්නේ 2001 ප්‍රහාරය අමෙරිකාවේ සෑම කෙළවරකටම බලපෑමක් ඇති කළ බව මතක් කර දෙමිනි .

ප්‍රහාරයෙන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් කුලුනු දෙක බිමට සමතලා වූ නිව්යෝක් නුවර සිට කිලෝමීටර් 5,344ක් ඈතින් පිහිටි ඇලස්කාවේදී ජනපති ජෝ බයිඩන් සැප්තැම්බර් 11 අනුස්මරණයට එක්වුවත්, ජිල් බයිඩන් ආර්යාව පෙන්ටගනයේ සැප්තැම්බර් 11 ස්මාරකයට මල් කලඹක් තබා බුහුමන් පිදීමට නියමිත බව වාර්තා වේ.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනපතිවරුන් සියල්ලන් ප්‍රහාරයේ එක් ප්‍රධාන ඉලක්කයක් හෝ වෙත ගියත් ජනපති ජෝ බයිඩන් ප්‍රථමවරට එලෙස දුරස්ථ ඇලස්කාවේ සිට අනුස්මරණයට එක්වීම විශේෂත්වයක් වන අතර  , අමෙරිකාව පුරා ජනතාව ප්‍රහාරය සිදුවූ අවස්ථාව සිහිකරමින් නිහැඬියාව පළකිරීමෙන් සීනු නාද කිරීමෙන් සහ ඉටිපහන් දැල්වීම ඇතුළු අනෙකුත් ක්‍රියාකාරකම්වලින් සැප්තැම්බර් 11 ප්‍රහාරය අනුස්මරණයට එක්වීමට නියමිත බව සඳහන් වේ.

මිසුරි ජනපදයේ ෆෙන්ටන්හි අනුස්මරණ උත්සවය පැවැත්වෙන්නේ ප්‍රහාරයෙන් විනාශ වූ නිව්යෝක් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ලේ සුන්බුන් වානේ කැබැල්ලකින් නිමවූ ස්මාරකයක් අභියස වන අතර , එහිදී බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් ඒ ඉදිරිපිට ධජ එසවීම සහ පහත හෙළීම සිදුකරනු ලබන බව වාර්තා වේ.

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ වින්දිතයින් ද සිටින නිව් ජර්සි ප්‍රාන්තයේ මොන්මවුත්හි රාජ්‍ය සේවකයන්ට අද නිවාඩු ලබාදී ඇත්තේ අනුස්මරණයන්ට එක්වීම සඳහා වන අතර, තවත් අමෙරිකානුවන් ස්වේච්ඡා සේවාවන්හි නිරත වන්නේ සැප්තැම්බර් 11 දේශාභිමානී දිනය මෙන්ම ජාතික සේවා හා අනුස්මරණ දිනය ලෙස කොංග්‍රස් මණ්ඩලය විසින් නම් කිරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයේ කේන්ද්‍රය වූ නිව්යෝක් නුවර “ග්‍රවුන්ඩ් සීරෝ” හිදී උප ජනාධිපතිනි කමලා හැරිස් අනුස්මරණයට එක්වීමට නියමිත අතර ,එහිදී දේශපාලන කතා කිසිවක් සිදුනොකෙරුණත් ප්‍රහාරයේ මියගිය අයගේ නම් පැයක් පමණ කාලයක් තිස්සේ කියවීම සිදුකෙරෙනු ඇත .

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිදුවීම් පෙළ මීළඟ පරපුරට රැගෙන යාමේ අරමුණින් නව අධ්‍යාපනික වීඩියෝ පටයක් සකස් කර ඇති අතර එය අමෙරිකානු ගුරුවරුන්ට පන්ති කාමරයේදී ළමයින් දැනුවත් කිරීම සඳහා මූලාශ්‍රයක් ලෙස භාවිත කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...