චිලියේ ඇත්ත කතාව ….

Date:

චිලී රාජ්‍යයේ සමාජවාදය අසාර්ථකත්වයට පත්වී එහි පනස්වන සංවත්සරය යෙදී ඇත්තේ අද (11) ටය. චිලියේ සමාජවාදය අසාර්ථකත්වයට පත්වීම සම්බන්දව පැවසෙන ජනප්‍රිය මිත්‍යාව නම් රටක සමාජවාදය පිහිටුවීම මහජන ඡන්දය තුලින් කල නොහැකි දෙයක් ලෙස ගෙනහැර දක්වමින් උදාහරණය ලෙස චිලියේ අයන්ඩේගේ සිද්දිය ගෙනහැර පෑමයි.

මේ අනුව ගරිල්ලා සමාජවාදීන්න්ට අනුව ලේ හලන සන්නද්ධ විප්ලවයේ ඇති සුජාතභාවය තහවුරුකරනු වස් ඔවුන් ගෙනහැරපාන ශුද්දවු එකම උදාහරණය චිලියයි…

මෙය මිත්‍යාවක් පමණි . ඇත්තෙන්ම ගත් කල චිලියේ සිදුවූයේ වෙනත් දෙයකි..

චිලියේ අයන්ඩේගේ කොමිනිස්ට් බලවේගය මහජන චන්දයෙන් බලයට පත්වන විට එහි තිබුනේ අන්ත පසුගාමී සමාජ පසුබිමකි..

අයන්ඩේගේ මැතිවරණ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ පසුගාමී ග්‍රාමීය පාක්ෂික ප්‍රජාව හැසිරී තිබුනේ රුසියානු විප්ලවාදීන් සාර්ගෙ බල්ලා මරාදැමුවාටත් වඩා ම්ලේච්ඡ ලෙසය..

ඒවනවිටත් හරියාකාරව වැඩවසම් ගතිකයන්ගෙන් මිදී නොතිබුනු රාජ්‍යයක් වූ චිලියේ හමුදාවල ඉහල තනතුරුවල බලය තිබුනේ ඉඩම් හිමි පුත්ගලයන් සතුවය..

එහිදී විප්ලවයෙන් උද්දාමයට පත්වූ පාක්ෂිකයන් මේ ඉඩම්වලට පැන ඉඩම් හිමියන්ට පහරදී ඇතැම් ඉඩම් හිමියන් ප්‍රසිද්ධ ස්තානවලට ඇදගෙන විත් ප්‍රසිද්දියේ වදදී මරාදැමින. මේ තත්වය මෙතරම්ම නැතත් චීනය තුලද රුසියාව තුලද ක්‍රියාවට නැගුන තත්වයකි..

ඇත්තෙන්ම මෙසේ ජයග්‍රහණයෙන් උදම් වී ප්‍රතිවාදීන්ට එරෙහි ම්ලේච්ඡ ක්‍රියාවල නියැලීම ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ශ්‍රී.ල.නි.ප.ය දිනූ විට එ.ජා.ප. පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනිතැබීමත් එ.ජා.ප. ය දිනූවිට ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනිලෑමත් වැනි වෛරී ගෝත්‍ර ආශයකි. මේ තත්වය පසුගාමී රටවල්වලටම ආවේණික දේශපාලන ආර්ථික කොන්දේසීයකි. ඇත්තෙන්ම එය සාපරාධී පලිගැනීමක් මිස මාක්ස් පැවසූ ආර්ථික විද්‍යාවක් එහි නැත..

එහිදී එදා චිලියේ සිදුවූයේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් සංවිධානය වූ පිනෝචේගේ නායකත්වයෙන් යුතුව හමුදා නිලධාරීන් විසින් අයන්ඩේගේ පාලනය පෙරලා දමා බලය ඇල්ලීමය. මෙහිදී ග්‍රාම්‍ය කොමිනිස්ට් හිතවාදීන් විසින් හමුදාව කුලප්පුකරවන සුළු ම්ලේච්ඡ හැසිරීම් වල නොයෙදී ඊට වඩා සංයමයෙන් යුතුව එදා කටයුතු කලේ නම් ඇතැම්විට අයන්ඩේට තව කාලයක් ස්වකීය පාලනය රැගෙන යාමටද ඉඩ තිබින.

මේ පිළිඹඳව අයන්ඩේගේ සමීපතම ඥාති දියනියක් වන පසුව ඇමරිකානු පුරවැසියෙක් වූ ඉසබෙලා අයන්ඩේගේ කෘති තුලින් බොහෝදේ අවබෝධ කරගත හැකිය. විශේෂයෙන්ම මායාවාස නමින් Gamini Viyangoda විසින් පරිවර්තනය කරන ලද House of sprit නවකතාව කියවූ විට මේ ගැන පැහැදිලි චිත්‍රයක් මවාගත හැක..

ලොව තවත් රටවල්වල මැතිවරණ තුලින් සාමකාමී ලෙස බලයට පත්වූ සමාජවාදී මොඩලයේ ආන්ඩූ තිබේ. නමුත් ඒ තැන්වලදී ඒ ආන්ඩු තුලම තිබූ ජාතිකවාදී සහ වෙළඳපොල විරෝධී ප්‍රතිපත්ති නිසා ඒ රාජ්‍යයන් බංකොලොත් වූවා මිස හමුදාව පැමිණ ඒවා පෙරලා දැමුවේ නැත …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?