*
Monday, October 7, 2024
spot_img

Latest Posts

තරින්දගේ බල ඇණියට එකතු වෙන ඇඩම් ගවුඩර් සමඟ ආසියාව ජය ගැනීමේ උත්සාහය

ශ්‍රී ලංකාවට ආසියානු රග්බි පාලකයන් ශ්‍රී ලංකාවේද ඇතැම් කොටස් එකතු කර ගනිමින් ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි නියෝජනයට ඇති ඉඩ වසා දමන්නට කටයුතු කළත් මේ වන විට එය ශ්‍රී ලංකාවේ නමින් නොවුණත්,ආසියානු ඔල්ම්පික් සංගම් කණ්ඩායම ලෙස තරග වැදීමට නියමිතව ඇත.
අමාත්‍යවරයා විසින් රග්බි පරිපාලනය විසුරුවා හරින මොහොතේ දී ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන සැළසුම් සකස් කරගෙන සිටියත්,අමාත්‍යවරයාගේ ඒ තීරණයෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ සැළසුම් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබිණ.පත්කරන ලද ස්ථාවර කමිටුව නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වීමත් සමඟ, බලය තහවුරු කරගෙන සිය කදවුරේ ආධිපත්‍යය විසින් වෙහෙසුණ අතර හිටපු පරිපාලනය නීතියෙන් සුළුවෙන් හෝ හුස්ම ගැනීමට ඉඩ ලැබුණු වහාම නැවතී තිබුණු වැඩ සැළසුම ඉදිරියට ගෙන යාමට උත්සාහ ගත්තේය.
ඒ නිසා කණ්ඩායමක් සූදානම් කරගෙන බරපතලම තුරුම්පු සඟවා ගෙන සිටි ඔවුන් මේ වන විට ආසියානු ඔලිම්පික් සංගම් ධජය යටතේ පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එම තුරුම්පුව එකතු කරන බව ප්‍රකාශ කර ඇත. නායක තරින්ද රත්වත්ත යටතේ ආසියානු පිටියට පිවිසෙන ශ්‍රී ලංකාව අතිශයින් වැදගත් කාර්යභාරයක් මේ තරගාවලියේදී ඉටු කරනු ඇතැයි සිතිය හැකිය.
විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී සාර්ථකත්වයට පත් වූ ශ්‍රී ලංකාව එතැන් සිට සූදානම් වූ වැඩ සැළසුම් ක්‍රියාත්මක කිරීමට සිඳු වූ බාධා,දේශපාලනික අතපෙවීම් ලෙස නිර්වචනය කර මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ රගර් තහනම් කරන තැනට පැමිණ ඇත.ඒ තත්ත්වය තුළ අමාත්‍යවරයාට අතපෙවීමෙන් වැළකෙන ලෙස අධිකරණය නියෝග කළ ද,තවත් අතකින් හිටපු පරිපාලනය ඉවත් කර පත් කළ ස්ථාවරකරණ කමිටුව තව දුරටත් තමන්ගේ බලය වෙනුවෙන් අධිකරණයට යාම නිසා පුහුණුව තව දුරටත් ප්‍රමාද විය.අවසානයේ රගර් වෙනුවෙන් තමන්ගේ නිර්දෝෂීභාවය හෝ නොසළකා කටයුතු කළ යුතුය යන ස්ථාවරයට පිවිසි හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් තනතුරෙන් ද ඉල්ලා අස් වී ආසියානු තරගාවලියට පිටත්වීමට ඇති බාධක ඉවත් කර දුන්නේය.


මේ තරගාවලියේ ශ්‍රී ලංකාව අලුතින් පිටියට ගෙන එන ක්‍රීඩකයා ඇඩම් ගවුඩර් ය.මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගවුඩර් ශ්‍රී ලංකා කණ්ඩායමේ පැවත්මට කාරණ ගණනාවක් නිසා අපූරුවට පෑහෙන්නේය.වෘත්තිමය රගර් ක්‍රිඩකයෙක් වීමෙන් ඉනික්බිති ලැබෙන්නේ මුදල් පමණක් නොවන අතර ගවුඩර් ඒ නිසා තරගයෙන් තරගයට සිය වෘත්තීය දස්කම් සමඟ පෑහී විවිධ තරග රටාවන්වලට මුහුණ දෙන්නට මෙන්ම ඒවා කළමණාකරණය කරන්න සහෝදර ක්‍රිඩකයන්ට මුහුණ දෙන්නද ශක්තිය සපයනු නො’අනුමානය.
වතුපාලනයට සම්බන්ධ සිය සීයාගේ ලාංකේයත්වය සමඟ ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයකට හිමිකම් කියන ගවුඩර් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නුහුරු ක්‍රීඩකයෙක් නොවේය.2018 සහ 2019 යන වසරවල ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ රග්බි තරගාවලියට සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම නියෝජනය කර තිබෙන ගවුඩර් ඔස්ට්‍රේලියාවේ බොන්ඩ් කණ්ඩායමට වසර පහක පමණ කාලයක් ක්‍රීඩා කරන, එම කණ්ඩායම වෙනුවෙන් තරග සියයක් සම්පූර්ණ කර ක්‍රීඩා කර ඇති ක්‍රිඩකයෙක්ය.එසේම ජපානයේ ටෝකියෝ ගෑස් ඛණ්ඩායමට ද වෘත්තිමය රගර් ක්‍රීඩකයෙක් ලෙස දායක වී ඇති ගවුඩර් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්ට ලැබෙන තරගවල තරග මට්ටමට වඩා ඉහළ මට්ටමකින් තරග අත්දැකීම් ලබන්නට වෘත්තීමය රගර් සංස්කෘතිය තුළ භාග්‍යය උදා කර ගත්තේක්ය.
දක්ෂතාවය අතර වෙනස අත්දැකීම්වල ස්වභාවය අනුව ද තීරණය වන්නක් බැවින් ගවුඩර්ගේ මේ සහභාගීතිවය අතිශයින් වැදගත්ය.විශේෂයෙන් ශ්‍රී ලංකාව රග්බි සෙවන් ක්‍රීඩාවේදී ආසියාවේ යම් ප්‍රගතියක් පෙන්වන කණ්ඩායමක් යන්න බැහැර කළ නොහැකිය.එහෙත් ශාරිරිකව ගත් විට ජපාන කණ්ඩායමේ ශරීර බර සාමාන්‍යය කිලෝ ග්‍රෑම් 90 ඉක්මවන තත්ත්වයක පවතින්නේය.එවැනි තත්ත්වයක ගවුඩර් වැන්නෙක් ශ්‍රි ලංකා කණ්ඩායමට පැමිණීම වැදගත්ය.


ගවුඩර් හැදෙන රගර්මය සංස්කෘතිය මෙන්ම ඔහුට අනන්‍යය වූ සමාජ සංස්කෘතික පසුබිමට අයත් ජීවන රටාවට ක්‍රීඩාමය ගති ලක්ෂණවලින් පිරුණු එකකි.ඒ නිසා ඔහුගේ බර කළමණාකරණය වන්නේ අධික මේදමය තැන්පතුවක් සමඟ නොවේය.ඒ නිසාම ක්‍රීඩාවෙන් බැහැරව සිටින කාලය තුළ වුව,එම සිරුරු කළමණාකරණය වන ආකාරයේදී පෘෂ්ඨිමත් වන ආකාරයේ බලපෑමක් ඇති නොවීම සාමාන්‍ය තත්ත්වයකි.මේ නිසා ශ්‍රී ලංකාව සමඟ ගවුඩර් හුවමාරු කරගන්නේ සිය පැරණි නැකම් ඇති ලාංකේයත්වය පමණක් නොවේය,ශ්‍රී ලංකාවේ පවතින ක්‍රීඩාවේ තත්ත්වයට වඩා ඉහළින් පවතින ක්‍රීඩා සංස්කෘතියක ස්වභාවය ය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා රගර් වසරකට අධික කාලයක් තිස්සේ සිය ඉලක්කයට අදාළව ගවුඩර්ගේ පුහුණුකරුවන් සම කතා කරමින් ඔහු ද සිය පුහුණු රටාව ඇතුළේම කළමණාකරණය කළ බව ශ්‍රි ලංකා රගර් හී ඉහළ දක්ෂතා කළමණාකරණය කිරීමේ ප්‍රධානියාව සිටි කපිල ජයතිලක පවසන්නේය.
ශරිර ස්වභාවයන්ගේ වෙනස්කම් සහ සමානකම්,භෞතික ක්‍රියාකාරකම්වල විවිධත්වය,වේගය සහ ශක්තිය,පෝෂණය,ශාරිරික හැඩය සහ වයස මෙන්ම මානසික සංවර්ධනය සහ ශක්තිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ මනෝ විද්‍යාත්මක ක්‍රියාකාරකම් ඇසුරේ ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ වැඩ පිළිවෙල 2022 සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මකව පැවති අතර එයට විදේශිය පුහුණු ප්‍රවීනයෝ පවා අධීක්ෂණය කිරිමේ කාර්යයට අන්තර්ජාලය හරහා එක් කරගෙන ඇත.එම සියලු කාරණා ගවුඩර්ගේ පුහුණු ප්‍රධානීන් හරහා ද ගෙන්වා ගෙන තත්ත්වය යාවත්කාලීන කර ගැනීමට ශ්‍රී ලංකා රගර් සකස් කර තිබූ සැළසුම් අනුව ගවුඩර් මේ වසරේ අගෝස්තු මුල සිට ශ්‍රි ලංකා කණ්ඩායම සමඟ එකට පුහුණුව ලැබීමේ සැළසුම් ද යෙදී තිබුණ නමුත් අතරමැද ශ්‍රී ලංකාවට රගර් තහනමක් ඇති වීමට බලපෑ කාරණා නිසා ශ්‍රී ලංකා රගර් සඳහා අවසානයේ සියල්ලට බාධාවකින් තොරව මුහුණ දෙන්නට සිඳු වී ඇත්තේ දින ගණනාවක කාලයක් පමණි.


නමුත් ගවුඩර් මීට පෙර තරින්ද ඇතුළ පිරිස දන්නා නිසා ද,යම් අවබෝධයක් එකිනෙකා කෙරෙහි ඇති නිසා ද,වෘත්තීය ක්‍රීඩකයෙක් ලෙස ගවුඩර්ට ඇති විවිධත්වයට මුහුණ දීමේ අත්දැකීම්වල ස්වභාවය නිසා ද ශ්‍රී ලංකාවට කණ්ඩායමක් හැටියට එක්ව කටයුතු කිරීම අපහසු නොවනු ඇත.
බොහෝ රටවල් එම රටවල ජාතික සංචිත රගර් පහළොව සහ රගර් සත් සාමාජික ලෙස වෙන වෙනම ඊට අදාළ ගුණාංගවලින් පවත්වා ගෙන යන අතර,මේ මොහොතේ ලෝක රග්බි තරගාවලියට ජපානය සහභාගි වුව ද,ඔවුන්ගේ සත් සාමාජික කණ්ඩායම ඊට අවශ්‍යය ඉහළ ගුණාංග සමඟින් ආසියානු තරගාවලියට ද එනු ඇත.එම කණ්ඩායම් ද සිය කණ්ඩායම පවත්වාගෙන යන්නේ විදෙස් සම්භවයක් ඇති ක්‍රීඩකයන්ගේ දායකත්වයෙන් බව පැහැදිළිය.සවුදි අරාබිය වැනි රටක් බොහෝ විට ක්‍රීඩාව නඩත්තු කරන්නේම විදේශ ක්‍රීඩකයින්ව ගෙවා රැඟෙන පුරවැසිකම් ලබා දී ය.ඒ නිසා ගවුඩර් වැනි ලාංකේයත්වය පරම්පරාවෙන් උරුම කර ගත් අයෙක් සිය වෘත්තීය ක්‍රීඩකත්වය වෙනුවෙන් වැඩි වරප්‍රසාද බලාපොරොත්තු නොවී සමානව ලාංකේය ක්‍රීඩකයෙක් ලෙස හැසිරී තමන් අයිතිවන මුල් ඉතිහාසයට ආදරය දක්වන්න ඉදිරිපත් වීම අතිශයින් වැදගත්ය.
මේ රගර් කණ්ඩායමට අහිමි සිංහ ධජය සහ ඒ නමින් පෙනී සිටීම පමණි.එහෙත් ඔවුන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ය.ගවුඩර් ඉතා කැමත්තෙන් තමන්ට ශ්‍රී ලංකාව සමඟ ඇති අතීත ලේ බැදීම නිසා මේ වන විටත් ද්විත්ව පුරවැසිභාවය ලැබූ අයෙක්ය.ඒ නිසා අපට කුමන ධජයක් යටතේ වුව,කුමන ගීතයක් යටතේ වුව ඔවුන් ක්‍රිඩා කරන තත්පරයේ දැනෙන ලාංකේයත්වය මේ රටේ රගර් ක්‍රීඩාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා රගර්වලට ශක්තියක් නොවුණු ලංකාවේ පිරිසටම වුව දැනෙනු ඇත.දැනවත් තමන්ගේ බල ඉලක්ක දෙවැනි කොට මේ තරග කරන්නේ ලංකාවේ කණ්ඩායම යන හැඟීමෙන් ඔවුන්ට සුබ පතන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ද නොමඟ යවමින් ජාත්‍යන්තරය ඉදිරියේ තහනමක් වැටෙන තැනට ශ්‍රී ලංකාවේ රගර් තල්ලු කළ පිරිස් ද එකතු විය යුතුව ඇත.


තමන්ගේ පෞද්ගලික අරමුණු මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් මුල් තැන දී ලබන සතුට වෙනුවට,තමන්ගේ රටට අදාළ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබා දීමට සේවය කිරීමෙන් දායක වූ බවට තමන්ගේ හෘද සාක්ෂියට ලැබෙන සතුට සුවිශාල බවත්,එයට හරස් කැපීමට උත්සාහ කිරීමෙන් ඇතිවන කම්පාව කෝටි ගණනක මුදල්වලින් උපයාගත නොහැකි බවත් තරින්ද රත්වත් ඇතුළු පිරිස සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාවේ රගර්වලට සම්බන්ධව මේ මෑත ඉතිහාසයේ ක්‍රියාකාරී වූ කණ්ඩායම් දෙක වෙන වෙනම විඳගනු ඇත.
ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියෙන් ඈත් කර දැමීමට උත්සාහ කර දෙස් විදෙස් අශුද්ධ සංධාන පරාජය කළ ආකාරයටම මේ තරගාවලියේ බී කාණ්ඩයෙන් රග බිමට පිවිසෙන ශ්‍රි ලංකාව මුහුණ දෙන දකුණු කොරියාව,චීන තායිපේ යන කණ්ඩායම් අභිබවා පෙරට එන්නත්,ආසියාව ඉදිරියේ පදක්කමකට සුදුසු වෙන සේ දස්කම් දක්වන්නටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ආසියානු ඔලිම්පික් කවුන්සිල කණ්ඩායමට හැකියාව හිමිවේවා යන්න සියලු ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම විය යුතුය.එහි ඩී කාණ්ඩය විමසා බලන විට ආසියානු සභාපතිවරයා අයත්වන රගර් කණ්ඩායම එහි සිටින කණ්ඩායම් හතර අතරේ දැකිය හැකි අතර සභාපතිවරයාගේ ඉහළ වාසනා ගුණය නිසා එම කාණ්ඩයට නේපාලය සහ ඇෆ්ගනිස්තානය ද එකතු වී තිබෙන අයුරු අපූරුය.ඒ වාසනාව සමඟ පෙළ ගැසුණු ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමට තවමත් ශ්‍රී ලංකා ක්‍රිඩකයින් මේ ආකාරයෙන් ක්‍රීඩා කිරීම හෝ දරාගැනීම ඉවසන්නට අපහසුනම්, තමන් උපන් බිමේ සිංහ ධජය වෙනුවට ආසියානු සභාපතිවරයාට කියා තමන්ගේ ස්වභාවයට ගැලපෙන වෙනම සතෙක් සහිත ධජයක් ඉල්ලාගෙන වනන්නට අවස්ථාව ඇති බව ද අපි මතක් කර දෙන්නෙමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan