ඩැනියෙල් ලිබියාව ගිලගනී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඩැනියෙල් කුණාටුව නිසා ලිබියාවේ අවම වශයෙන් පුද්ගලයින් 200 දෙනෙකු මිය ගොස් ඇති බව ලිබියානු රතු කුරුස සංවිධානය පවසන අතර ,නැගෙනහිර පදනම් වූ ලිබියානු ජාතික හමුදාවේ (LNA) ප්‍රකාශක අහමඩ් මිස්මාරි පවසන්නේ, 2,000 වැඩි පිරිසක් මිය ගොස් තවත් 6,000 ක් පමණ අතුරුදන් වී ඇති බවයි.

ඩැනියෙල් සුළි කුණාටුව පසුගිය ඉරිදා උතුරු අප්‍රිකානු දේශයට ළඟාවීමෙන් පසු බලධාරීන් විසින් දැඩි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, දැඩි ගංවතුර නිසා ඇතිවූ පීඩනයෙන් ඩර්නා හි වේලි දෙකක් කඩා වැටි ඇති බවද සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බෙන්ගාසි, සූසේ, ඩර්නා සහ අල්-මාර්ජ් යන නැගෙනහිර නගරවලට ඩැනියෙල් කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

ලිබියානු රතු කුරුස සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අවම වශයෙන් නිවාස 150 ක් පමණ විනාශ වී ඇති බවයි. තවද ලිබියානු හමුදා සාමාජිකයින් හත් දෙනෙකු ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර අතුරුදහන් වී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පැවසේ. නැගෙනහිර ප්‍රදේශ සමග බටහිර නගරය වන මිස්රාටාද ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති අතර,නැගෙනහිර ලිබියාවේ නිලධාරීන් විසින් ඇඳිරි නීතිය පනවා ඇති අතර පාසල් සහ වෙළඳසැල් මෙන්ම ප්‍රධාන තෙල් වරායන් හතරක්ද වසා දමා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...