තවත් විමර්ශන කමිටු වාර්තාවක් භාරදෙයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී ඇති අතර එම වාර්තාව මේ වනවිට අධ්‍යයනය සඳහා යොමු කර ඇති බව අමාත්‍යාංශ ලේකම් යූ. ඩි. සි ජයලාල් මහතා සඳහන් කරයි.

යල කන්නයේ කුඹුරු ඉඩම් සඳහා උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීමේදි පසුගිය දිනවල දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවූ අතර ඒ, සමනල වැව ජලාශයෙන් උඩවලවට ජලය නිකුත් නොකිරීම හේතුවෙනි. ඒ අනුව දින කිහිපයක් ජලය නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් වලව කලාපයේ ගොවිබිම් රැසකට බලපෑම් එල්ල වූ අතර ගොවීන්ගෙන් එල්ල වූ බලපෑම් මැද අනතුරුව සමනල වැවෙන් ජලය නිකුත් කළ ද ඒ වනවිටත් වලව ගොවිබිම් රැසක් හානියට පත් වී තිබුණු බව දක්නට ලැබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...