සාංචි නගරය සම්පූර්ණයෙන්ම සූර්ය බලය යටතට!

Date:

කොළඹ LNW:පුනර්ජනනීය බලශක්තිය උපරිම භාවිතය සඳහා මධ්‍ය ප්‍රදේශ් රජයේ වැඩසටහන යටතේ සම්පූර්ණයෙන්ම සූර්ය බලය මත ක්‍රියාත්මක වන මධ්‍ය ප්‍රදේශ් හි ප්‍රථම නගරය ලෙස සාංචි නගරයේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

ඒ අනුව මධ්‍ය ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය මහඇමති ශිව්රාජ් සිං චෞහාන් මහතා සාංචි හි ගොඩනැගිලි වහල මත සූර්ය බලාගාර ස්ථාපනය කිරීම, පසුගිය දා සර්වඥ ධාතූන් වහන්සේලා සහ අග්‍රශ්‍රාවක ධාතුන් එකම ස්ථානයක වැඩසිටින ලෝකයේ එකම පුදබිම වන යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සාංචි පුදබිමෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණ.

මුළු ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වන සාංචිය ලෝකයට සාමයේ පණිවිඩය මීට ශතවර්ෂ ගණනාවකට පෙර ලබා දුන්නේය. දැන් එය සූර්ය බලශක්තිය ඵලදායී ලෙස භාවිතා කිරීමේ පණිවිඩය ලෝකයට ලබා දී ඇත.

මේ තුළින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 14,000කට වඩා අඩු කරන බවත්,එය ගස් 238,000 ක් වැවීමට සමාන වන බවත් පරිසර දූෂණය අවම කෙරෙන විද්‍යුත් වාහන දිරිමත් කර වාණිජ ආරෝපණ මධ්‍යස්ථාන හතරක් සහ ඊ-රික්ෂෝ ආරෝපණ මධ්‍යස්ථාන තුනක් සාංචි හි පිහිටුවා ඇතැයි ඔහු පැවසීය. ඉන් මාසයකට රුපියල් ලක්ෂ 9කට වැඩි ඩීසල් ඉතිරියක් වේ.

මේ තුළින් වාර්ෂික විදුලි වියදමෙන් මිලියන 7.68 ක ඉතිරියක් වනු ඇතැයි ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.

එම අවස්ථාවට සාංචි චේතියගිරි විහාරාධිකාරී පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ ද විහාරවාසී උඩුගම තපස්සි හිමියෝ ද මහජන සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍ය ශ්‍රී ප්‍රභුරාම් චෞද්‍රි මහතා ඇතුළු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

75වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09 , කොළඹ LNW : ශ්‍රී ලංකා...

දිත්වා පෙන්නපු රිදී රේඛාව ….

සිදුවූ සියල්ලෙන් පෙනී යන්නේ මොකක්ද? එකම දෙය මෙවන් ව්‍යසනයක්...

BREAKING NEWS : රතු නිවේදනය අනුව අවදානම් ස්ථානවල ජනතාව ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යැවීමට දැනුම්දීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්...

වසර 147ක විශ්වාසය සමග හේලීස් මොබිලිටි වෙතින් OMODA, JAECOO සහ SRM හයිබ්‍රිඩ් සහ විදුලි වාහන

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු...