දේශපාලන පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමට කැඳවයි – ආණ්ඩුව ජනප්‍රිය අපේක්ෂකයන් සොයයි?

Date:

ලබන 24 වැනිදා මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා මැතිවරණ කොමිසමේ සියලුම ලියාපදිංචි දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට සහභාගි වන ලෙස දැනුම් දී තිබේ.

ඉදිරි මාස කිහිපය තුළ මැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පවතින අතර මැතිවරණ කොමිසම ලහි ලහියේ ඊට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

මේ අතර එළඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනප්‍රිය චරිත සෙවීමේ මෙහෙයුමක් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ආරම්භ කර ඇති බවද වාර්තා වේ. පසුගිය දිනවලදී නමගිය ප්‍රකට චරිත කිහිපයකට මැතිවරණ දේශපාලනය සඳහා පැමිණීමට ආරාධනා කර තිබෙනවා.

මෙම වසරට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දමා තිබෙන අතර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පළාත් සභා මැතිවරණයයි. පළාත් සභාවල කාලසීමාව අවසන් වී වසර ගණනාවක් ගත වී ඇති නමුත් මේ දක්වා මැතිවරණය පැවැත්වීමට නොහැකි විය.

ලබන අප්‍රේල් මාසය වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානමින් සිටින බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...