දේශපාලන පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමට කැඳවයි – ආණ්ඩුව ජනප්‍රිය අපේක්ෂකයන් සොයයි?

ලබන 24 වැනිදා මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා මැතිවරණ කොමිසමේ සියලුම ලියාපදිංචි දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට සහභාගි වන ලෙස දැනුම් දී තිබේ.

ඉදිරි මාස කිහිපය තුළ මැතිවරණයක් පැවැත්වීමේ සූදානමක් පවතින අතර මැතිවරණ කොමිසම ලහි ලහියේ ඊට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

මේ අතර එළඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජනප්‍රිය චරිත සෙවීමේ මෙහෙයුමක් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ආරම්භ කර ඇති බවද වාර්තා වේ. පසුගිය දිනවලදී නමගිය ප්‍රකට චරිත කිහිපයකට මැතිවරණ දේශපාලනය සඳහා පැමිණීමට ආරාධනා කර තිබෙනවා.

මෙම වසරට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දමා තිබෙන අතර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පළාත් සභා මැතිවරණයයි. පළාත් සභාවල කාලසීමාව අවසන් වී වසර ගණනාවක් ගත වී ඇති නමුත් මේ දක්වා මැතිවරණය පැවැත්වීමට නොහැකි විය.

ලබන අප්‍රේල් මාසය වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානමින් සිටින බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...