අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණු සිවිල් ක්රියාකාරික ෂෙහාන් මාලක මහතා වෙත අද (15) මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය ඇප නියම කර තිබේ.
ඒ, අද ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ෂෙහාන් මාලක මහතා ආන්දෝලනාත්මක ප්රකාශ සිදුකළ තැනැත්තෙක් වන අතර එම ප්රකාශයකට අදාළවයි නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගැනුණේ.
ඔහුව මෙලෙස බලහත්කාරී ලෙස අත්අඩංගුවට ගැනීම ගැන කතෝලික සභාවෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.