අග්බෝගේ ඉදිරි වම් පාදය සුව වීමට මාස තුනකට වැඩි කාලයක් ගත වේවිද?

Date:

තිසර සමල්

අනුරාධපුර (LNW): බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ඉදිරි වම් පාදයට දැඩි හානි සිදුව මාස තුනක පමණ කාලයක් පුරා ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ ඇතාට අද දිනයේ දී ද Scan හා X – ray පරීක්ෂණ සිදුකර ප්‍රතිකාර කිරීම සිදුකෙරිණි.

වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක පශු වෛද්‍ය තාරක ප්‍රසාද් හා අනුරාධපුර වනජීවී කලාප භාර පශුවෛද්‍ය චන්දන ජයසිංහ යන මහතුන්ගේ මූලිකත්වයෙන් වෛද්‍යවරු හා සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා එක්විය.

මේ වන විට අග්බො ඇතා අනුරාධපුර , තිරප්පනය – වන්නම්මඩුව වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටින අතර අද පෙරවරුවේදී ඇතාව නිද්‍රාවට පත් කොට පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව එම තුවාල විෂබීජහරණය කොට ප්‍රතිකාර කිරීම සිදු කෙරිණි.

අනුරාධපුර කලාප භාර වනජීවී කාර්යාලය පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ ඇතාගේ තුවාල මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත් සම්පූර්ණයෙන්ම සුව අතට පත් වීමට තවත් මාස තුනක පමණ කාලයක් ගතවන බවය

අද දිනයේ දී ද Scan හා X – ray පරීක්ෂණ වලට අමතරව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඇතාගෙන් රුධිර සාම්පල ලබා ගත් බව ද පශුවෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...