*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

දෙනෙත්, අනුහස් කරන දවසකට ඉඩ හදමු

ලංකාවේ ක්‍රීඩා කේෂ්ත්‍රයේ අනාගතයට හීන ඇත.ඒවා ඉටුවන තැනට ඇවිද යන්නට පාරවල් හිඟය.එවැනි මඟක් නැති තැනක සිට සිහින දකින දෙනෙත් අනුහස් උස පැනීමේ ඉසව්වෙන් අනුහස් පෙන්නමින් ලෝකය ජය ගන්නට සිහින දකිමින සිටින මං සන්දියේදී අපට සම්මුඛව හිට ගත්තේය.
ඔහු ආසියානු කිණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියට යන විට ද අපි පළමු සටහන තැබුවෙමු.එහිදි අපගේ තොරතුරු පදනම් කරගෙන කුවේට් හී සිටින නිශාන්ත මහවැව මහතා දෙනෙත්ගේ පමණක් නොව සහභාගි වූ කණ්ඩායමේම පාදවල ප්‍රමාණ පවා ගෙන්වා ගත්තේ ඔවුන් වෙන්වෙන් ක්‍රීඩා පාවහන් ලබා දෙන්නටය.නමුත් ඒවා ඉටු නොවිණිතකාලය සමඟ සිඳු වූ වෙනස්කම් සමඟ අද අනුහස් සිටින්නේ එදා සංචාරයට එක්වන විට ආසියාව දිනා රිදි පදක්කම් දිනන විට ඉගෙනුම ලැබූ තණමල්විල් දෙබෑගම පාසලේ නොවේය.වත්තල ලයිසියම් පාසලේය.ඒ වෙනස පමණක් නොව අද වන විට ඔහු ඔහුගේ පෞද්ගලික දක්ෂතාවය ද මීටර් 2.10 දක්වා උස් තැනක තබා ඇත.

පුහුණුකරු නිපුන නිර්මාල් සමඟ


තණමල්විල සිට කුවේට් ගොස් පදක්කම් දිනූ මේ රජතවර්ණ ක්‍රීඩකයාට ඇති කසුන්මය අනාගතය සිය පාසලේ අතිශයින් සීමිත වූ ඉඩ පහසුකම් මැද සපුරා ගන්නට නොහැකි බවට හැඟීමක් උපන්නේ දෙබෑගම විද්‍යාලයේ විදුහල්පතිතුමාටය.ඔහුම මැදිහත් වී වඩා සරු බිමකට දෙනෙත්ට වඩා හොදින් අනාගතය දකින්නට ඉඩ මාරු කළේය. සෝමරත්න ස්ර් වැනි විදුහල්පතිවරු ප්‍රායෝගිකය.ඒ නිසා දෙනෙත් අනුහස් දෙපා වෙර වීරිය ගෙන ඉහළ යන්නට වඩා නිදහස් ය.

ජෝන් ටාබට් උළෙලේ දක්ෂතම උස පනින්නා


ඒත් දෙබෑගම පාසලේ නිලූකා රංගනී මිස් මෙන්ම කළන ස්ර් ද දෙනෙත්ට උඩින් පනින්නට අත්වැලක් නොවුණානම් අදත් දෙනෙත් කිසිඳු වටිනාකමක් විශේෂයෙන් එකතු නොව දෙබෑගම පාසලේ උසස් පෙළ සිසුවෙක්ය.ඇත්ත එබඳුය.දණ්ඩක් කැටයමින් හැඩ වුණ විට විසිත්ත කාමරයේ ඉඩ හැඳුණට නැත්නම් වන්නේ ලිප අවුලන්නට දරට ගැනීමය.
දෙනෙත් ගේ දෙමව්පියෝ උසස් පෙළ දක්වා උගත් අය වෙති.ඒ නිසාම නමේ සිටම දරුවන්ට වෙනම රහක් එකතු වී ඇත.දෙනෙත් දෙනෙත් අනුහස් වී ඇති අයුරෙන්ම මල්ලි දහම් පනිසිළු වන්නේ ද ඒ රහටය.නමුත් ඔවුන් දුෂ්කරකමම ජීවිතයේ උරුමය කරගෙන පොළව එක්ක හැප්පීම උරුමය කර ගන්නට සිඳු වූවෝය.වර්ෂාව නැති කලෙක බොන්නට ගොවිතැනට දිය පමණක් නොව බොන්නට දිය සොයා පොළව තද රළු පොළව කනින්නට වෙන තරමට ඔවුන් ගේ ජීවිත දුෂ්කරය.ඒ නිසාම හැකියාව මුදල් විය හැකි මං අඩුය.අද දෙනෙත්ලාගේ අම්මා නිශාන්ති,තාත්තා වූ ප්‍රසන්නගේ ගොවිතැන පවුලේ ආර්ථිකයට ප්‍රසන්නතාවයක් එක් කරන්නට අපොහොසත් තැන මෙ’රටින් පිටව සිටින්නේ ජොර්දානයේය.


අම්මා ඉතිං පුළුවන් තරමට කරනවා.ඒත් පහසු නැහැ.තියෙන සමහර දුෂ්කරතා අම්මට ඉවත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි.”දෙනෙත් අද සිය ක්‍රීඩාව පවත්වාගෙන යන පරිසරයෙන් ලැබෙන දේ සහ දෙබෑගම ජීවිතය සංසන්දනය කරමින් පවසන්නේය.


“යාළුවො කියන සමහර දේවල් මට දුෂ්ඛර නැහැ.සාමාන්‍ය දේවල්.ඊටත් වඩා අමාරුකම් සාමාන්‍ය වෙච්චි ජීවිතයක් මම ගෙවලා තියෙනවා.ඒ නිසාම ගොඩක් දේවල් දරාගෙන ඉවසගෙන වැඩ කරන්න මට පුළුවන්
දෙනෙත්ගේ වචන ඇතුලේ ඇත්තේ තව් අතකින් අනාගතයට විහිදුණු සැළසුම්ය.එසේම යෝජනාය.


“මට මුලින්ම මෙහෙ ආවාම දක්ෂතා වැඩි කර ගන්න දුවන තැන ඉදලා වෙනස් වෙන්න වුණා.මට තිබුණ ඉඩේ දුවලා තමයි පනින්න වුණේ.ඒ සීමාව වෙනස් කරගෙන වැඩි යමක් කිරීමට දුවන විදිහෙ ඉදලම වෙනස් වෙන්න වුණා.අමාරුවෙන් හරි මං ඒ දේවල් නිපුන ස්ර්ගෙ උපදෙස් එක්ක වෙනස් කරගෙන 2.10 දක්වා ආවා.මම හිතනවා දැන් තව අවුරුද්දක ඇතුළත 2.20 ට වගේ යන්න අමාරු වෙන එකක් නැහැ කියලා.අවුරුද්දක ඇතුළත 2.15 වගෙ ගනණකටනම් යන්නම පුළුවන් වෙයි.”

පැරණි පුහුණුකාරිය නිලූකා රංගනී සමඟ


දෙනෙත් සාමාන්‍ය දෙනෙතට නොපෙනෙන පැනීමේ පුහුණුව සහ ඉලක්ක ගැන පවසයි.එසේම වත්තල ලයිසියම් විද්‍යාලය තමන්ගේ අවශ්‍යයතාවයන් බලා ගැනීමට දක්වන උනන්දුව ගැන මහත් සතුටින් මුමුණයි.පුහුණුකරු නිපුන නිර්මාල් තමන් වෙනස් කර වැඩි යමක් කළ අයෙක් හැටියට පරිවර්ථනය කරන්නට ගන්නා වෙහෙසේ පළමු ප්‍රතිපලය මෙවර ජෝන ටාබට් උළෙලේ හොඳම උස පැනීමේ සම්මානය මීටර් 2.10 ට දිනා දුන් මේ ජයග්‍රහණය බව පවසන්නේ තව ඉදිරියට වැඩි බලාපොරොත්තු තබා ගැනීමට අපට ඉඟි තබමින්ය.නිපුන උස පනින්නෙක් හැටියට සිය කණිෂ්ට ක්‍රීඩක ජීවිත අවදියේම ශ්‍රී ලංකාව ලෝක මට්ටම දක්වාම නියෝජනය කළ උස පනින්නෙකි.ඒ ක්‍රීඩක අත්දැකීම් සමඟ අතරමග බිදුණු සිය සිහින අනතුරට නොතබා දකින්නට ඊ ළඟ පරම්පරාවට දීමේ වගකීම ගැන බෙහෙවින් සිතන්නෙකි.


“මල්ලිත් උස පනිනවා.එයා 1.80,1.85 වගෙ තමයි පනින්නෙ.තව දියුණු වුණොත් ඉතිං නිපුන ස්ර් ගාවටම මං ආව විදිහට එයාවත් ගෙන්නන්න පුළුවන්.”
දෙනෙත් පහසුකම් දීමට අවශ්‍යය මට්ටම ගැන ද අවධානයෙන්ය.එසේම අධ්‍යාපනයට වත්තල ලයිසියම් විද්‍යාලය දෙන සහයෝගය ද සිහි කරන්නේ ගෞරවයෙන්ය.
“ක්‍රීඩාවලට ගිහිං අතපසු වෙන දේවල් අපට ක්‍රිඩා නැති දවස්වලට හවස පංති තියලා උගන්වන්වා.හැම ගුරුවරයෙක්ම ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව තියාගෙන යන්න උනන්දු වෙනවා.කැප වෙනවා.”


ජයග්‍රහණවල ගෞරවය ලයිසියම් පාමුල තබමින් දෙනෙත් ඒ දෙන ආදරය සහයෝගය ඔස්සේම මේ කොදෙව්වෙන් එපිට දකියි.ක්‍රීඩාවෙන් මීට වඩා සරු පොළවක සිය දක්ෂතා දියුණු කර ගන්නා අතරේම අධ්‍යාපනයෙන් ද ඉහළ දැනුමක් ලබන්නට පහසුකම් ඇති පරිසරයක් ඒ එපිට පෙනෙන සිහිනවල ඇත්තේය.


“මට කියලා තියෙන්නෙ,ඇමෙරිකාව වගෙ රටකට ගිහිං ක්‍රිඩාවයි අධ්‍යාපනයයි හදාගන්න වැඩ පිළිවෙලක් හදා දෙන්නම් කියලා.ඒකට අවශ්‍යය ක්‍රීඩා දස්කම් වගේම ඒකට අවශ්‍යය අධ්‍යාපනයත් සම්පූර්ණ කරගන්න එක තමයි මගේ වගකීම ඉතිං.”


දැනුම පමණක් එකතු කර ගත්තත්,ඊට සරිලන සැළකිලි නොලබන පරිසරයක වෙනත් රටක ගෘහ සේවය දක්වා ජිවිතය පහත හෙලා ගත් නිශාන්තිගේ පුතා,ඒ උපයන ජොර්දාන් ඩිනාර් අපතේ යවා නැත.ශ්‍රී ලංකාවේ රුපියල් 450 ද ඉක්මවා වටිනාකමක් ඇති ජෝර්දාන් ඩිනාර් එකක බලය අපතේ නොයන උස පිමි පනින දෙනෙත් සිය දෙනෙතින් බලන්නට උත්සාහ කරන උස් ලෝකය දකින්නට සහ එය දිනන්නට මඟ හැදුණේනම් අම්මා උපයන ඩිනාර් මෙන් ඊට වඩා විසල් වූ අහුරක් එක පිම්මක් වෙනුවෙන් ඉපැයිය හැකි මිනිසෙක් වීම දෙනෙත් අනුහස්ට අපහසු නැත.
ඉතිං ඒ අනුහස් පිරුණු පිමි දිගේ ලෝකය දකින්නටත් ජය ගන්නටත් දෙනෙත් අනුහස්ට ශක්තිය ලැබේවා යන්න අපේ පැතුමය.ඒවා සැබෑ කර ගන්නට බාධක අවම මාවතක පෙරට යන්නට ක්‍රීඩා බලධාරීන් දෙනෙත් අනුහස් ට අත්වැල සැපයිය යුතුය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan