*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

UN මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සහය පළ කරන්නැයි, මහ කොමසාරිස් අමරසේකර දකුණු අප්‍රිකානු රටවල සහය පතයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සහය පළ කරන ලෙස ඉල්ලමින්, මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා දකුණු අප්‍රිකානු රටවල සහය අපේක්ෂා කරයි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර කෙරෙහි අවධානය යොමු කරන අතරතුර, සහජීවනයෙන් යුත් ජාතීන් සමූහයක් ලෙස නැගී සිටින අප්‍රිකානු කලාපයේ වැදගත්කම හඳුනාගත්  දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මැතිතුමා, මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු අප්‍රිකාවේ රාජ්‍ය නිලධාරීන් සහ දකුණු අප්‍රිකාව සඳහා අක්ත ගන්වන ලද රටවල නියෝජිතයන්  සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වී ය. මහ කොමසාරිස්වරයා මෙහිදී, නැමීබියාවේ මහ කොමසාරිස් වෙයිකෝ කේ. ගිවේට් මැතිතුමා,  සිම්බාබ්වේ හි මහ කොමසාරිස් ඩී. ඩී. හමාඩ්සිරීපි මැතිතුමා, මලාවි හි මහ කොමසාරිස් ස්ටෙලා සී. හවුයා ඩවූ මැතිනිය සහ දකුණු අප්‍රිකාව සඳහා ස්විට්සර්ලන්ත කාර්යභාර නිලධාරී වෙරොනික් හෝලර් මහත්මිය  සමඟ සාකච්ඡා පැවැත්වී ය.

බාහිර පාර්ශ්ව ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයකට වඩා, දේශීය යාන්ත්‍රණයක් භාවිතයට ගනිමින් දේශීය, සමාජීය හා දේශපාලනික පරිසරය තුළ අභ්‍යන්තර ගැටුම් විසඳීමේ වැදගත්කම, මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා මෙම හමුවලදී අවධාරණය කළේ ය. ජනවාර්ගික ප්‍රශ්න විසඳීම වෙනුවට සිදු කෙරෙන බාහිර පාර්ශ්වවල මැදිහත්වීම, ජනවාර්ගික අර්බුදය තවදුරටත් සංකීර්ණ කරන බව එතුමා ප්‍රකාශ කළේ ය. එම ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකා රජය සතුව බලයක්, කැමැත්තක් මෙන්ම හැකියාවක් ද ඇත. එහෙත්, මෙම ගැටලුව විසඳන රජය, අනවශ්‍ය බාහිර මැදිහත්වීම් හේතුවෙන්, චූදිතයා බවට පත්ව ඇති බැවින් තම කාර්යභාරය ඉටු කිරීමට නොහැකි වී ඇත. පැවති යුද ගැටුම්වලින් අනතුරුව, විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය කළ හැකි සෑම දෙයක්ම සිදු කොට ඇති බව, මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. අනවශ්‍ය ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන්, ආරක්‍ෂක භූමිකාවක් ඉටු කිරීම සඳහා රජය සතු සීමිත සම්පත් කැප කිරීමට සිදුව ඇති බවද එතුමා ප්‍රකාශ කළේ ය. මෙම ජාත්‍යන්තර පාර්ශ්ව ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රජාවගේ ගැටලු කෙරෙහි අවංක උනන්දුවක් දක්වන්නේ නම්, විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා රජය දරන උත්සාහයට සහය විය යුතු බව, එතුමා සඳහන් කළේ ය. මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා රජය සමඟ කටයුතු කරන ලෙස, බලපෑම් එල්ල කරන කණ්ඩායම් දිරිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් අතර පවත්නා පරතරය අවම කිරීමට සහය වීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත මෙම යෝජනාව යොමු කළ රටවල යුතුකමක් වන බවද එතුමා සඳහන් කළේය.

වගකිව යුතු පාර්ශ්ව තමන් සිදු කළ වැරදි නිවැරදි කොට විපතට පත් පාර්ශ්වවලට සේවය නොකරන්නේ නම්, ‘වගවීම’ යන වචනයෙන් කිසිදු අර්ථයක් ගම්‍ය නොවන බව, මහ කොමසාරිස්වරයා මෙම හමුවල දී පැහැදිලි කළේ ය. පදනම් විරහිත සහ ගොතන ලද පුවත් මත යැපීමෙන් තොරව, පුළුල් දෘෂ්ටිකෝණයකින් මෙම ගැටලුව දෙස බලන ලෙස මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා ඔවුන්ට ආරාධනා කළේ ය. නේස්බි සාමිවරයාගේ ග්‍රන්ථය සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් තමන් විසින් රචිත විවිධ ලිපි පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළ මහ කොමසාරිස්වරයා, සත්‍ය වශයෙන් නිවැරදි වූත් අපක්ෂපාතී වූත් විග්‍රහයක් හෙළිදරව් කළේ ය. පක්ෂග්‍රාහී තොරතුරු හේතුවෙන් නොමඟ යවනු ලැබූ පාර්ශ්වයන්, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව විවෘත මනසකින් යුතුව නැවත නිරීක්ෂණය කිරීම සඳහා උනන්දු කරවන ලෙස, මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා අපක්ෂපාතී අප්‍රිකානු ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ප්‍රිටෝරියා
2022 පෙබරවාරි 15 වැනි දින

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan