බාල පළිබෝධ නාශක විකුණුවොත් වැඩ වරදී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කිසියම් සමාගමක් විසින් ගොවීන්ට සපයන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල නම් එම සමාගම්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, එසේ සිදු කරන සමාගම් වල බලපත්‍ර අහෝසි කර එම සමාගම් අසාදු ලේඛන ගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ දිස්ත්‍රික් සභාපතිවරුන් කෘෂිකර්ම  අමාත්‍යවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.

ගොවි නියෝජිතයෝ කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවසූවේ, ඇතැම් සමාගම් වලින් ඉහල මිලක් ගෙවා ගත් පලිබෝධ නාශක වලින් වල් මර්දනයේ දී හා කෘමි මර්දනයේ දී නිසි ප්‍රතිඵල ලබා දීමට  අපොහොසත් වූ බවත් ඒවා බාල තත්වයේ පවතින බවත්ය. ගොවීන්ගේ  ඉල්ලීම් වලට පිලිතුරු දුන් අමාත්‍යවරයා කිසියම් සමාගමක් මගින් අලෙවි කරන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල බවට හැඟී ගියහොත් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පලිබෝධ නාශක ලේකම් කාර්යාලයට දැනුම් දෙන ලෙස පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත්  සඳහන් කළේ, මෙම මහ කන්නයේ දී ගොවිජන සේවා මධ්‍යස්ථාන වලිනුත් පලිබෝධ නාශක බෙදාහැරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බවද,  ඒ අනුව තත්ත්වයෙන් ඉහල පළිබෝධ නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව ලැබෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...