සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): Most Powerful and Influential Women Award ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික හෙදිය පුෂ්පා රම්‍යානි සොයිසා මෙනෙවියයි.
දේශපාලන බලවතුන්, ව්‍යාපාරික බලවතුන්, උගතුන් , විවිධ කේශ්ත්‍ර වල ප්‍රබලයන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා නියෝජනය කරමින්, 15.09.2023 පස්වරු 7 ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සංවිධානය කර තිබූ මෙම ගෝලීය සම්මාන උළෙල සදහා රටවල් 10 කට වඩා නියෝජිත පිරිසක් සහභාගි වී ඇත.
World Humanitarian Foundation මෙය සංවිධානය කර තිබුණ අතර, හෙද නිළධාරිණියක් මෙවන් සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවද මෙය වීම ශ්‍රී ලංකාවට මහත් අභිමානයකි. තවද 15.09.2023 දින London Chamber of Commerce හි පැවැති G20 Initiative Global Economic Forum Summit London සංවිධානය මගින්, Global ICON Award ජාත්‍යන්තර සම්මානයෙන් ඇය පිදුම් ලැබීය.මේ සදහා බොහෝ රටවල විවිධ ව්‍යාපාරික ප්‍රබලයන් සහභාගී වූ අතර, මෙම සංවිධානයේ සභාපති ලෙස Dr. Hari Krishna Maram India ?? කටයුතු කරන්නේය.
එසේම එම ගෝලීය සංවිධානයෙහි ශ්‍රී ලංකා තනාපති (Sri Lanka embasyder) ලෙස සාමාජිකත්වයද ඇයට පිරිනැමීම විශේෂත්වයකි. පුෂ්පා රම්‍යානි සොයිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළත් London Chamber of Commerce හිදිත් ජාත්‍යන්තර සම්මාන ද්ව්ත්වයකින් පිදුම් ලැබීය.
ඇය මේ විශිෂ්ට අවස්ථාව පිළිබද ඇගේ අදහස් දැකවූයේ මෙසේය.
“ලොවෙන් ලංකාවට සම්මාන ද්විත්වයක්, ජාත්‍යන්තර සම්මාන 2 ක් අප රටට ගෙන ඒමට මා භාග්‍යවන්ත වූයෙමි. එක් ජාත්‍යන්තර සම්මානයක් ගන්න ගිය මාහට ජාත්‍යන්තර සම්මාන 2ක් ලැබෙන කොට ලැබෙන සතුට සිතා ගත නොහැකි තරම්ය.
විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සිදුවූ මෙම අගැයීම මට මහ මෙරකි. අප කව්රුත් රස්සාවක් කරනවානමි එය හදවතින්ම ඉටු කල යුතුය. තම ආයතනයේ ගරුත්වය රැකිය යුතුය. එහි දියුණුවට වැඩ කල යුතුය. එය අප ඉටු කල යුතු වගකීමකි. ඒවාට අගැයීම අනවශ්‍යය. එනම් ඒවා අපේ රාජකාරීය.නමුත් යම් අයෙක් එයින් පරිභාහිරව තම කාලය, තම ධනය, තම ශ්‍රමය කැප කරමින් තම ලාබ ප්‍රයෝජනයකින් තොරව රට , සමාජය වෙනුවෙන් මෙහෙවරක් ඉටු කලේනම් එය අගැයුමට ලක් වෙනු ඇත” ලෙස ඇය සතුටින් ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකික ජනතාව ලෙස අපද ඇයට සුභාශිංශ ගෙන එමු!


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??
