රාජ්‍ය විශ්ව විද්‍යාල රැකගන්න වි.වි.වෘත්තීය සමිති සියල්ල එක්වෙයි – 25 දැවැන්ත උද්ඝෝෂණයක්!

Date:

කොළඹ LNW: මේ වන විට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටෙමින් තිබෙන අතර එය රැකගැනීම සඳහා විශ්ව විද්‍යාල පද්ධතියේ සියලුම වෘත්තීය සමිති එක්ව සිටින බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අවධාරණය කරයි.

විශ්ව විද්‍යාල පද්ධතිය සඳහා වන ප්‍රතිපාදන දැවැන්ත ලෙස කපප්දු කරමින් පවතින අතර ශිෂ්‍යයන් වෙනුවෙන් ලබා දෙන ප්‍රතිපාදනද කප්පාදුවට ලක් කර තිබෙන බවයි එම සමිති සම්මේලනය පවසන්නේ.

එහි සභාපති මහාචාර්ය භරණ ජයවර්ධන මහතා සඳහන් කරන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල රැකගැනීමේ පළමු පියවර ලෙස එළඹෙන සඳුදා (25) කොළඹදී දැවැන්ත විරෝධයක් දැක්වීමට නියමිත බවයි.

දරුවන්ට ඉහළ ජිවිතයක් උරුමකර දීම වෙනුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය රැකගත යුතුවන බවයි ජයවර්ධන මහතා පවසන්නේ.

රජය විශෙඅ විද්‍යාල පද්ධතිය රැකගැනීම වෙනුවෙන් කිසිදු මැදිහත් වීමක් කරන බවක් පෙනෙන්නට නැති නිසා විශ්ව විද්‍යාල පද්ධතිය රැකගැනීම වෙනුවෙන් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සියල්ල එකතු වී සිතිඅ බව හෙතෙම අවධාරණය කරයි.

මේ වන විට ශිෂ්‍ය ප්‍රතිශතය අනුව විශ්ව විද්‍යාල ආචාර්ය වරු 15000ක් පමණ සිටිය යුතු වන නමුත් සිටින්නේ 6000ක පමණ ප්‍රමාණයක් බවත් පසුගිය මාස හයක කාලය තුළ ආචාර්යවරු 500ක් පමණ රට හැර ගොස් ඇති බවද භරණ ජයවර්ධන මහතා කියාසිටියි.

ආචාර්යවරුන්ගේ හිඟය මෙන්ම අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම නිසා විශ්ව විද්‍යාලවල ඇතැම් දෙපාර්තමේන්තු වැසී ගොස් තිබෙන බවද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...