පාසල් කළමනාකරණය යථාවත් කරනවා – අධ්‍යාපන අමාත්‍ය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් තෝරාගනු ලබන පිරිසකගෙන් සමන්විතව නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවය ස්ථාපිත කර සෑම පාසලකටම අවශ්‍ය පරිදි එම උපාධිධාරී නිලධාරීන් යොදවා පාසල් කළමනාකරණය යථාවත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටී.

පළාත්, කලාප, කොට්ඨාස සහ පාසල් මට්ටමින් නම් කර ඇති දත්ත සහ නිලධාරීන් සඳහා ජාතික මට්ටමින් පුහුණු අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සකස් කළ දත්ත නිලධාරීන් පුහුණු කිරීමේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියට (LMS) දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන විධිවිධානවලට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335ට සමානුපාතිකව කොට්ඨාස මට්ටමින් මෙම නව සේවය ස්ථාපිත කිරීම මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයීය පරිපාලනයට ද අනුගත ව පාසල් පෝෂණ වැඩසටහන්, එන්නත්කරණ වැඩසටහන් ආදිය පහසුවෙන් සිදු කළ හැකි බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ , දැනටමත් පාසල්වලට අනුයුක්තව රාජ්‍ය සේවයේ යෙදී සිටින සංවර්ධන නිලධාරීන් මෙම නව සේවයට බඳවාගැනීමෙන් රජයට අමතර ප්‍රතිපාදන වැය නොවන අතර ඔවුන්ගේ සේවය මගින් පාසල්, පාසල් සංවර්ධන මණ්ඩල, කලාප හා පළාත් යන අධ්‍යාපනයට අදාළ සියලු‍ අංශවල කාර්යාලයීය කළමනාකරණය යථාවත් කරගැනීමට අපේක්ෂා කෙරෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...

“Pink October” : ‘Indira Cancer Trust’ සමඟින් කොළඹ නගරය රෝස පැහැ වූ අපූරුව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රාත්‍රිය උදාවෙත්ම, කොළඹ...

රුසියාවේ plague පර්යේෂණ සේවිකාවගේ මරණය ගැන ඇමරිකාව ප්‍රශ්න කරයි; රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැඩි තොරතුරු ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: රුසියාවේ සයිබීරියානු...

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...