වියළි කලාපයේ බහුල වැලි මැක්කා මහනුවර දිස්ත්‍රික්කයට බලපෑම් කරයි.

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

වියළි කලාපයේ බහුලව දැකිය හැකි වැලිමැක්කාගේ උවදුර මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ හසලක ප්‍රදේශ කරා මේ වන විට ව්‍යාප්තවී තිබේ.

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හසලක ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පුද්ගලයන් රැසකට එම එම චර්ම රෝගයේ පීඩා එල්ල වී තිබේ.

වැලි මැක්කා හේතුවෙන් ලිෂ්මනයිසිස් (LEISHMANIASIS) නමැති චර්ම රෝගය වැළදෙන අතර මිනිපේ සහ හසලක ප්‍රදේශවල කුඩා වැඩිහිටි භේදයෙන් තොරව සැලකිය යුතු පිරිසකට චර්ම රෝගය වැළදී ඇත.

එබැවින් රෝගය කඩිනමින් පාලනය කිරීම සඳහා ප්‍රතිකාර ලබාදීමේ වෛද්‍ය සායනයක් ඉකුත්දා (25) හසලක ප්‍රාදේශීය රෝහලේදී පැවැත්විණි.

හසලක ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා මිනිපේ ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය මෙම වෛද්‍ය සායනය තෙල්දෙණිය මූලික රෝහලේ වැඩ බලන චර්ම රෝග විශේෂඥ වෛද්‍ය එම්.ආර්.එෆ්.ෂිරීන් මහත්මියගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

වැලි මැස්සා නම් කෘමියා දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් හමුවන නමුත් මේ වන විට හසලක, මිනිපේ, මහියංගනය වැනි ප්‍රදේශවල බහුලව දැකිය හැකි බව විශේෂඥ වෛද්‍යවරිය කීවාය. සවස් හා රාත්‍රී කාලයේදී, ශරීරයේ නිරාවරණය වූ ස්ථානවලට දෂ්ඨ කරන මෙම කෘමියා ජලය රැදෙන සිසිල් ස්ථානවල බිත්තර දමා බෝවන බව ඇය කීවාය.

නිවාස, කාර්යාල, ගෙවතු හා පොදු ස්ථාන පිරිසිදුව පවත්වා ගැනීම මගින් වැලි මැස්සා යම් පාලනයකට ලක් කළ හැකි බවත් කෘමි දෂ්ඨනයක් සිදුවී ඇතැයි සැක සිතන්නේ නම් නොපමාව රජයේ රෝහලක් කරා යොමු විය යුතු යැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍ය එම්.ආර්.එෆ්.ෂිරීන් මහත්මිය මෙම වෛද්‍ය සායනයේදී සඳහන් කළාය.

හසලක ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය මංගල ජයතිලක මහතා මහියංගන මූලික රෝහල හා කොලොන්ගොඩ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු පිරිසකගේ දායකත්වයෙන් මෙම වෛද්‍ය සානයන පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල. මිතුරා මරුට !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන්...

ට්‍රම්ප් යළි ඇවිලෙයි – ආනයනික තීරු බද්ද ගැන නැවතත් අවධානය!

කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...