ඇය ජීවත්ව සිටියානම්..

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇය ජීවත්ව සිටියානම් අද ඇයගේ 47 වැනි ජන්ම දිනය සමරනු ඇති. ඇය ඉතාමත් නිහතමානී සුන්දර කාන්තාවක්. කවුද මේ ඇය ?
හිටපු කතානායක , සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ කරු ජයසූරිය මහතාගේ දියණියයි. ඇය නමින් “ඉන්දිරා ජයසූරිය ” නම් විය.

ඇය මේ වන විට තවත් ජීවිත දහස් ගණනකට ජීවිතය ලබා දී නික්ම ගොස් අවසන්. ඉන්දිරා ජයසූරිය ඇය තවත් එක් කාන්තාවක් විතරක්ම නොවෙයි. ඇය තවත් ජීවිත දහස් ගණනකට ජීවයක් වූ අයෙක්. දාරක ස්නේහය නිසා සිය දරුවා වෙනුවෙන් ජීවිතය කැප කළ කාන්තාවකි.

අද ඇය නිසා දහස් ගණනක් දරුවන්, කාන්තාවන්ට සවියක් වෙන්න ඇයගේ නමින් ඉන්දිරා පිළිකා භාරය ඇති කරලා “සුව අරණ” සුරැකුම් මධ්‍යස්ථානය ඉදිවී ඇති අතර ,ඇයගේ උපන්දිනය වෙනුවෙන් එම සුව අරණ මධ්‍යස්ථානයේ දී පවුලේ ඥාතීන්, සුව අරණ නිලධාරීන්, සහ ප්‍රතිකාර ලබන අය එක්ව සර්ව ආගමික වතාවත් සිදු කරමින්, ගෞරවනීය මහා සංඝරත්නයත් හින්දු, ස්ලාම් හා ක්‍රිස්තියානි පූජකතුමන්ලා ත් මෙහි දී ප්‍රතිකාර ලබන දරුවන්ට ආශිර්වාද ලබා දුන්හ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...