නිර්දේශ නොලැබීම නිසා කෝටි ගණනක ආහාර බහාලුම් රේගුවේ හිරවෙලා!

කොළඹ LNW:ආයතන කිහිපයකින් අනුමැතීන් ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් කෝටි 74 කට වැඩි වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 115ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුවට වසර දෙකකට වැඩි කාලයක් ගතවීමෙන් එම ද්‍රව්‍ය විනාශවීමේ අවදානමක් පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එම භාණ්ඩ නිදහස් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සහ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ යුතු වාර්තා ප්‍රමාද වී ඇති බවයි දැක්වෙන්නේ.

ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් විසි හතක් නිදහස් කිරීමට දින 563 ක කාලයක්ද ආහාර ද්‍රව්‍ය ඇතුළත් තවත් බහාලුම් 27 නිදහස් කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇත. මෙම ආහාර ද්‍රව්‍ය බහාලුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව 2021 වසරේ ජනවාරි මාසයේ සිට 2022 වසර අගෝස්තු මාසය දක්වා විමර්ශන කරගෙන ගොස් තිබුණි.

මේ අතර ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ අනුමැතිය නොලැබීම හේතුවෙන් රුපියල් කෝටි 15 කට වැඩි වටිනා කහ කිලෝ 624,877ක් ශ්‍රී ලංකා රේගුව විසින් වසර දෙකකට වැඩි කාලයක් අවශ්‍ය නීතිමය කටයුතු නොකර රඳවා ගනු ලැබ තිබූ බවද ජාතික විගණන කාර්යාලය පවසයි. එම කහ තොගය ආනයනය කර තිබුණේ 2020 වසරේ මැයි මස 10 වැනිදා බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...