ඇමති නිමල් ලන්සාගේ කළකිරීමට හේතුව අධිවේගී මාර්ග ටෙන්ඩරයක්ද ?

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා කළකිරීමෙන් පසුවෙන්නේ අධිවේගී මාර්ගයේ ටෙන්ඩර් ප්‍රශ්නයක් නිසා යැයි නොයෙකුත් තැන්වල කතාබහට ලක්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“නිමල් ලන්සා මැතිතුමා ඉවත් වෙනවා කියලා කටකතා පැතිරිලා තිබ්බා, මමත් දැක්කා. මං හිතන්නෙ අර රඹුක්කන අධිවේගී මාර්ගයේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් කියලා නොයෙකුත් තැන්වල කතාවෙනවා, මම ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ නැහැ. නමුත් අපිත් දැක්කා ඒ චීන එම්. සී. සී. අයි. කොම්පැණියෙන් ජනාධිපතිවරයාට ඇරපු ලියුම. ඒ ලියුමේ චීන කොම්පැණිය කියනවා, ටෙන්ඩර් එකට ආයතන දෙකක් ලංසු ඉදිරිපත් කරලා තිබුණා, එකක් දේශීය කණ්ඩායමක් අනිත් එක එම්. සී.සී. අයි. කියන කොම්පැණිය. ඔවුන්ගේ මූල්‍ය ප්‍රොපොසල් එක විවෘත කළේ නෑ, එක කණ්ඩායමකගේ ඇස්තමේන්තුව විතරයි විවෘත කළේ, ඒක අසාධාරණයි, ඒක සම්මත ප්‍රසම්පාදන ක්‍රමවේදයට සම්පූර්ණයෙන්ම පරිබාහිරයි, ඒ නිසා ඔවුන්ගේ දැඩි අප්‍රසාදය ඔවුන් ජනාධිපතිතුමාට යොමුකරලා තියෙනවා. ඒත් එක්කම ඔවුන් කියනවා ඔවුන්ගෙ මිල සහ ඒ රඹුක්කන කොටස ලබාදෙන්න යන මිල අතර ඩොලර් මිලියන 820 ක වෙනසක් තියෙනවා කියලා.

අපට මේ ඩොලර් මිලියන 20 ක් නැතිව වරායේ කන්ටේනර් හිරවෙලා ඉන්නකොට, තෙල් ගේන්න ඩොලර් නැතිව ඉන්නකොට, බෙහෙත් ටික ගේන්න ඩොලර් නැතිවෙලා ඉන්නකොට, සාධාරණ ප්‍රශ්නයක් අපට ජනාධිපතිවරයාගෙන් අහන්න වෙනවා මේ ලියුම ප්‍රකාරව. ඇත්තද මේ මිනිස්සු කියන්නෙ ?”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...