වැස්සෙන් පීඩාවට පත් පිරිස ඉහළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ තොරතුරු වලට අනුව , ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 3244 ක් දක්වා ඉහළ ගොස් ඇත,

ඒ අනුව, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 596 ක පුද්ගලයින් 2600 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 13 ක පුද්ගලයින් 50 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 151 ක් වන අතර, එහි පුද්ගලයින් සංඛ්‍යාව 594 වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ තොරතුරු වල සඳහන් වේ.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවනිවේදනය කර සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...