*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

ප්‍රසංග වේදිකාවට හොඳ පිනවන්නෙක්

රත්නපාල ගමගේ (ස්විට්සර්ලන්තයේ සිට)

ස්විට්සර්ලන්තය (LNW): දෙරණ ඩ්‍රීම්ස්ටාර් රියැලිටි 5 තරඟවාරයේ ජයග්‍රාහකයා වූ එම්.ජී. ධනුෂ්ක එම තරඟයෙන් ජය ලැබූයේ කිරුල හිමිකර ගැනීම පමණක් නොව සංගීත ශ්‍රාවකයින්ගේ සිත් තුළ අමතක නොවන නමක් ද සටහන් කරමිනි. ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව ජංගම දුරකතනවල ආරම්භක සීනු හඬ (Ringing Tone) යොදා තිබුණේ ඔහු ගායනා කළ හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී යන ගීතයටය. එය චිත්‍රපටයක ගැයුණු අතහැර දමූ ගීතයකි. ඔහු එම ගීතය වේදිකාවට ගෙනාවේ ඔහුටම ආවේනික නර්තනයක් ද යොදා ගනිමිනි.

11 වන තරඟවාරයට ඉදිරිපත්ව සිටින මලිත් සිල්වාත් ඩ්‍රීම්ස්ටාර් වේදිකාව තුළ යම් යම් නර්තනයන් ගීත සමඟ අත්හදා බැලීම් කරමින් සිටින බව පෙනීයන හෙයින් මේත් තවත් ධනුෂ්ක කෙනෙක් දෝයි සැක කළ හැකි ගති ලක්ෂණ බොහොමයක් ඔහු වෙතින් දක්නට ලැබේ.

විනිසුරු මඬුල්ලේ බහුතරයක් ඔහුව හඳුන්වන්නේ ජනතාවගේ ගායකයා ලෙසටය. තව කෙනෙක් ඔහු ජනතාව පිනවන්නෙක් යැයි කියති. මහවත්තේ දාබරේ මාවතේ යහළු මිතුරන්ටයි කොළඹ සිටින ජනයාටයි ඔහු වීරයෙක්. නාරාහේන්පිට සවිකර ඇති විශාල ප්‍රමාණයේ පුවරුව ඊට නිදසුනකි.

ඔහු කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. අපොස උසස් පෙළ සඳහා සිංහල, දේශපාලන විද්‍යාව, සංගීතය විෂයයන් ලෙස පෙනී සිට SLTC රිසර්ච් සරසවියේ සංගීතවේදී ගෞරව උපාධිය හදාරමින් සිටියි. ඔහු ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම විශේෂයක් වන අතර, ඔහු දෙවෙනි වසරේ අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටියි. මේ විශේෂත්වය නිසා අපි ඔහු සොයා ගොස් පිළිසඳරක යෙදුනෙමු. මේ තරම් කාර්යබහුල ඝෝෂාවක් ඇති පරිසරයක මුවට සිනහවක් නොගෙන නිහඬව ඉන්න පුරුදු පුහුණු වුණේ කෙලෙසදැයි මුලිනම විමසුවෙමි. ඒ මගේ පාදලයි අධ්‍යාපනයයි ඒ විදියට යොමු කළේ.

ඔබ සංගීත පුහුණුවීම් කරනවිට අසල්වැසියන්ට කරදරයි නේද? කොහොමද ඒක කරන්නෙ යැයි විමසූ විට මහවත්තෙ සිටින බාල මහළු සෑම දෙනාම තමන්ට හොඳ සහයක් දුන් බව කීය. සංගීත පුහුණුවීම් කරන්නට අමාරුයි තමා, ඒත් ඇකඩමියේ හිතේ හැටියට පුහුණුවීම් කරන්න පුළුවන්. මෙතනින් අහුලගත්තු දේවල් බොහොමයි. මලිත් පවසන්නේ ලබැදි සෙනෙහසිනි.

ඔහුගේ පියා අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනයක සේවකයෙක්. ඔහුට වැඩිමල් සොයුරියන් දෙදෙනෙක් සිටිති. වැඩිමල් සොයුරිය විවාහවී ඕමානයේ සිටින අතර, ඊළඟව සොයුරිය විවාහවී ලංකාවේ සිටින බව පවසයි.

මගේ එකම බලාපොරොත්තුව මුදල් ටිකක් සොයාගෙන ඉන්දියාවට ගොස් තබ්ලා වාදනය ඉගෙන ගෙන එහි ප්‍රවීණයෙක් වෙන්න. ඇයි ඩ්‍රීම්ස්ටාර් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද මම ඇසුවෙමි. බලාපොරොත්තු කාටද නැත්තේ. මේ ඉන්න 10 දෙනාම දක්ෂයෝ, ඉතින් එදා දවසේ අපි ගීත ගායනා කරන විදිහට තමයි කිරුල ලැබෙන්නේ. ඉතින් ඒක සුදුස්සාට ලැබෙයි. කාට ලැබුණත් ප්‍රශ්නයක් නෑ. මලිත් අදහස කීය. එහෙම කියල නිකම්ම හිටියොත් මොකවත් ලැබෙන්නේ නෑ. ට්‍රයි කරන්න ඕන. මමත් ට්‍රයි කරනවා, ඔහු වැඩිදුරටත් කීය.

මම එකම ගායකයකුගේ ගීත ගයන්න සීමා වෙලා නෑ. මුලින්ම කීවේ අමරදේව සර්ගෙ, ඊට පස්සේ චාමර වීරසිංහගේ, ඊට පස්සේ සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් යන මහත්වරුන්ගේ ගීතත් ගායනා කළා. ඩ්‍රීම්ස්ටාර් කියන්නේ උත්සාහවන්තයින් බිහි කරන තෝතැන්නක්. මෙතනින් දිනපතා අපි ගොඩාක් දේවල් අහුල ගන්නව, ඔහු කීය.

ඔබ ගී ගයනකොට වරක් අංජලී හේරත් වේදිකාවට කැඳවාගෙන නර්තනයක් ඉදිරිපත් කළා. තව වෙලාවක ඔබේ සහෝදරයින් සමඟ නටමින් ගායනා කළා. ඒව කලින් සැලසුම් කළ ඒවද, ක්ෂණිකව එවෙලේ කරපු දේවල් ද මම ඇසුවෙමි. එවෙලේම කරපු දේවල් යැයි ඔහු කීය.

2015දී පේෂල මාධව සර්ගෙන් තබ්ලාව ගැන ඉගෙන ගත්ත. 2018දී විශාරද උපාධිය ලබාත්ත. එතනදී තමයි මම තබ්ලාව වයන්නෙ කොහොමද කියල ඉගෙන ගත්තේ.

අපි 10 දෙනාම එක වගේ දක්ෂයෝ. කාටහරි අපි එක්කෙනකුට යයි. ඔහු කීය. ඩ්‍රීම්ස්ටාර් කෙසේ වෙතත් තව එම්.ජී. ධනුෂ්ක කෙනෙක් මේ තරඟවාරයෙන් බිහිවෙන බව මලිත්ගේ ක්‍රියා පිළිවෙත දෙස බලන විට සිතෙන බව මම කීවෙමි. එසේ පවසා අපේ පිළිසඳර හමාර කළෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan